Skip to main content

Posts

Showing posts from November, 2017

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යය ගිනි දැල් (solar flares )

සුර්යය ගිනි දැල් පෘතුවියෙහි චුම්බක ක්ෂේත්‍රය සමග සම්බන්ද වන අයුරු  සූර්යය ගිනිදැල් යනු ඉතා ක්ෂණයකින් සූර්යයාගේ මතුපිට ඇතිවන් අදික දීප්තියකින් යුතුව දක්නට ලැබෙන සංසිද්ධියකි .මේවා ඇතිවී නැතිවන කාල පරාසය මිනිත්තු 20 ක් උපරිමයක් පමණ වේ. මෙම ගිනිදැල් මගින් මුදාහරින ශක්තිය මෙගා ටොන් 100 හයිඩ්‍රජන් බෝම්බ මිලියනයක් ස්ඵෝටන වීමේදී මුදා හරින ශක්තියට සමාන වේ .සූර්යය ගිනිදැල් මගින් ඉලෙක්ට්‍රොන , අයන  සහ පරමාණු රාශියක් සූර්යය කිරීටය හරහා අවකාශයට නිකුත් කෙරෙන අතර මේවා පෘතුවියට පැමිණීමට ගත වන කාලය දිනයක් හෝ දෙකක් පමණි.මෙම ශක්ති තරංග සංඛ්‍යාතයන් දෘෂ්ටි පරාසයෙන් ඔබ්බෙහි වනනිසා සූර්යය ගිනිදැල් පියවි ඇසින් බලා ගත නොහැක .  මේවා අද්‍යනය කිරීම සදහා සුවිශේස වූ උපකරණ සකසා ඇත. සූර්යය ගිනිදැල් සඳහා ජවය ලැබෙනුයේ සූර්යය කිරීටය තුලින් ක්ෂණයකින් ( මිනිත්තු 1 ත් 10 ත් කාල පරාසයක ) නිකුත් වන සූර්යය චුම්බක ශක්තියයි. සූර්යය ගිනිදැල් සමග නිකුත් වන X - කිරණ සහ පාර ජම්බුල විකිරණ පෘතුවි අයන ගෝලයට බලපෑම් ඇති කරන අතර දීර්ඝ පරාස රේඩියෝ විනැවුම වලට අහිතකර ලෙස බාධා ඇතිකරයි .1859 දී ප්‍රථම වරට විද්‍යන්ය...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....

ජලයේ පිහිනමින් විෂ ලෝහ උරාගන්නා නැනෝ රොබෝවරු

නැනෝතාක්ෂණය (nanotechnology) ගැන යම් දැනුමක් ඇති ඔබට නැනෝ රොබෝ වරු පිළිබඳ සංකල්පය සමහර විට අලුත් නොවන්නට ඇත. නැනෝරොබෝවෙක් යනු නැනෝ හෝ ඊට ආසන්න පරිමාණයක ක්‍රියාත්මක වන යම්කිසි නිශ්චිත කාර්යයක් සිදු කල හැකි ඉතාකුඩා රොබෝවරයෙකි. නැනෝතාක්ෂණයේ බොහොමයක් විශ්මිත නිර්මාණ ඉදිරියට පැමිණියද නැනෝරොබෝවරු පිළිබඳ කරන පර්යේෂණ තවමත් මුලික මට්ටමේ පවතින බව සාමාන්‍ය පිළිගැනීමයි. එනමුත් බොහොමයක් විද්වතුන් විශ්මයට පත් කරමින් තමුන් විසින් තමුන්වම ප්‍රචාලනය කල හැකි මයික්‍රො පරිමාණ රොබෝවරු වර්ගයක් පිලිබඳ විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් පසුගිය දිනක ලොව නැනෝතාක්ෂණය සඳහා වන ඉතාම ඉහල මට්ටමේ විද්‍යාත්මක සඟරාවක (scientific journal) පළ විය. මෙම රොබෝවරුන්ගේ ඇති මුලික විශේෂත්වය වනුයේ මිසිලයක මෙන් වායු දහහරාවක් විහිදවමින් අති වේගයෙන් ඉදිරියට ප්‍රචාලනය වීමට මේවාට ඇති හැකියාවයි. තවදුරටත් මෙම රොබෝවරුන්ගේ පෘෂ්ටය මත තැන්පත් කර ඇති graphene oxide නම් විශේෂ නැනෝ අංශු වර්ගය මගින් එම රොබෝවරු ප්‍රචාරණය කල හැකි ජලයෙහි ඇති ඊයම් වැනි  බැර ලෝහ වර්ග අවශෝෂණය කර ගැනීමටද මෙම රොබෝවරුන්ට හැකියාව ඇත. මෙම සොයා ගැනීම සිදු කර ඇ...

Pika

An elusive species with extraordinary qualities Pikas are related to rabbits and live at high elevations in the mountains of North America. Climate change is shrinking the areas where they can live They are an elusive species with extraordinary qualities. Lukas Moyer Horner searches for pikas in high altitude rocky outcrops. He studies their behavior “They only can live in Taos fields Boulder piles and those are only found in mountain ranges”. Pikas are used to getting nutrition from unusual places. they are so adapted to the cold. they do not hibernate but stay under these rocks beneath up to 20 feet of snow for eight to nine months of the year.to survive they will even eat their own feces. The problem comes when it gets too warm. If Pikas are outside and ambient temperature of about 80 degree Fahrenheit they will die after about an hour of exposure. They are emblematic type of animal that is going to have trouble dealing with climate change. Southern popu...

සූර්යය සුළඟ සහ අවුරෝරා

සූර්යය සුළඟ ඇතැම් වල්ගා තරුවල වල්ගයේ හැසිරීම හිරුගෙන් හමා එන ආරෝපිත අංශු ප්‍රවාහයක් මගින් පැහැදිලි කල හැකි බව 1951 තරම් ඈතකදී ඉඟි කර තිබුණි .නමුත් සූර්යය සුළගේ පැවැත්ම නිශ්චිතවම හඳුනා ගැනුනේ 1962 දී සිකුරු වෙත යැවුණු ඇමෙරිකානු චන්ද්රිකාවකිනි . පොලව වටා අවකාශය පුරා හමා යන ඒකාකාර ප්‍රෝටෝන ඉලෙක්ට්‍රොන සහ වෙනත් ආරෝපිත අංශු වලින් සමන්විත වන වායු ප්‍රවාහයක් ඇති බව ඉන් සොයා ගැනිණි . පොලව අසලින් හමා යද්දී සූර්යය සුළගේ වේගය පැයට කිලෝමෙටර මිලියන 1. .6 -3. 2  අතර අගයක් ගනී .ඇත්ත වශයෙන්ම සූර්යය සුළග මගින් නියෝජනය වන්නේ හිරුගේ වායු ගෝලයේ අවසාන කොටසි .සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම මෙම මේ වායු ගෝලය තුල ගිලී පවතී . සූර්යය සුළග උපදින්නේ හිරුගේ කිරීටයෙනි . එහි කිරීටක සිදුරු (coronal Holes ) ලෙස හැදින්වෙන අඩු උෂ්ණත්ව සහ ඝනත්ව ඇති ප්‍රදේශ වල සිට සූර්යය සුළගේ ඇති අංශුන්ගෙන් වැඩි කොටසක් පැමිණෙන්නේයැයි සැලකේ .  විශේෂයෙන් හිරුගේ ධ්‍රැව පෙදෙස් ආශ්‍රිතව මෙම සිදුරු ඇතැයි සැලකේ .සූර්යය සුළග සමන්විත වන්නේ ආරෝපිත අංශු ප්‍රවහයකිනි . මෙම ප්ලස්මාවෙහි ශක්තිය කිලෝ ඉලෙක්ට්‍රොන විබව (keV)  1 .5 ...

හිරු එළියේ උපත

තම ඉලෙක්ට්‍රොන ඇගලුම් ගලවා දමාගත් නිරුවත් පරමාණු න්‍යෂ්ටි වලින් හිරු අබ්යන්තරය සමන් විත වේ. සූර්යය අබ්යන්තරයේ සිදුවන න්‍යයෂ්ටික විලයනයේ ශක්තිය රැගෙන යන විද්‍යුත් චුම්බක තරංග සමග මෙම පරමාණු න්‍යෂ්ටි බරපතල ගනුදෙනුවක නිරත වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස සූර්ය ආලෝක ශක්තිය එහි අබ්යන්තරයේ සිට මතුපිට පැමිණීමට ප්‍රමාද වේ. ක්වන්ටම් භවුතික විද්‍යාවට අනුව විද්‍යුත් චුම්බක තරංග වල ගමන් කිරීම සිදුවන්නේ ෆෝටෝන (Photons) නමැති අංශුන් විශේෂයක් මගිනි. සූර්යය හරයේ සිදුවන න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා වලින් උපත ලබන ෆෝටෝන වන්නේ ගැමා කිරණයි .මෙම ගැමා කිරණ හිරු මද්‍යයේ ඇති ආරෝපිත අංශු සමග ප්‍රතික්‍රියා කොට එහි තිබු ශක්තිය එක්ස් කිරණ ලෙස නැවත පිට කරයි. සියලුම එක්ස් කිරණ ආලෝකයේ වේගයෙන් ගමන් කලද එක් වැදගත් හේතුවක් නිසා ඒවා සූර්යයා මතුපිටට ඇදී යාම සිදුවනනේ ඉතා සෙමිනි. සූර්ය හරයෙන් නික්මුණු ෆෝටෝන සූර්යය මතුපිට ඇති ආරෝපිත අංශු සමග ප්‍රතික්‍රියා කර ප්‍රකිරණ ඇතිකරයි . මෙම ප්‍රකිරණ වල ගමන් මාර්ගය ඕනෑම වූ දිශාවක් ඔස්සේ විය හැක . ඇතැම් විට මෙම දිශාව ෆෝටෝන පැමිණි දිශාවට ආප්පසට වුවද විය හැක.මෙහි ප්‍රතිපලයක් ලෙස ෆොටෝනය ආ...

සූර්යය සංයුතිය සහ සූර්ය අබ්යන්තරය

සූර්යය සංයුතිය: සූර්යය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හය්ද්‍රජන් සහ හීලියම් යන රසායනික මුලද්‍රව්‍යයන් දෙකිනි. මෙය සූර්යය ස්කන්දයෙන් 79.5 % වේ. සියලුම ඝන මුලද්‍රව්‍යයන් ලෝහ වන අතර එය සූර්යය ස්කන්දයෙන් 2% කටත් වඩා අඩු ප්‍රමාණයකි. මීට අමතරව හිරු සතු වඩා බහුල මුලද්‍රව්‍යයන් අතර ඔක්ෂිජන් සූර්ය ස්කන්දයෙන් 1% , කාබන් 0.3% , නියෝන් 0.2 % , යකඩ 0.2 % යනාදී වශයෙන් පවතී.හිරුගේ මෙම රසායනික සැකසුම උරුම වී ඇත්තේ සූර්යයාට උපත දුන් අන්තරීක්ෂ වලා මගින් වන අතර හයිඩ්‍රජන් සහ හීලියම් වායුන් ලැබී ඇත්තේ මහා පිපුරුමේදී ඇතිවූ නියුක්ලියෝන සංකලන මගිනි. සූර්ය අබ්යන්තරය : සූර්යයාගේ අබ්යන්තරය කෙලින්ම නිරීක්ෂණය කලහැකි උපකරණයක් දැනට නිර්මාණය කර නොමැත . සූර්යයා විද්‍යුත් චුම්බක විකිරණ ( Electromagnetic radiation) වලටද පාරාන්ධ බවක් පෙන්වයි .සූර්යය අබ්යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග සහ සූර්ය බු කම්පන විද්‍යාව උපයෝගී කරගෙන සූර්යය අබ්යන්තරය ගැන කරුණු අනාවරණය කරගෙන ඇත . රුපය 1: අපගේ සූර්යයාගේ සැකසුම ("Sun poster" by Kelvinsong - Own work. Licensed under CC BY-SA 3.0 via Commons - https://commons.w...

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...