නැනෝතාක්ෂණය (nanotechnology) ගැන යම් දැනුමක් ඇති ඔබට
නැනෝ රොබෝ වරු පිළිබඳ සංකල්පය සමහර විට අලුත් නොවන්නට ඇත. නැනෝරොබෝවෙක් යනු නැනෝ
හෝ ඊට ආසන්න පරිමාණයක ක්‍රියාත්මක වන යම්කිසි නිශ්චිත කාර්යයක් සිදු කල හැකි
ඉතාකුඩා රොබෝවරයෙකි.
නැනෝතාක්ෂණයේ බොහොමයක් විශ්මිත නිර්මාණ ඉදිරියට පැමිණියද නැනෝරොබෝවරු
පිළිබඳ කරන පර්යේෂණ තවමත් මුලික මට්ටමේ පවතින බව සාමාන්‍ය පිළිගැනීමයි.
එනමුත් බොහොමයක් විද්වතුන් විශ්මයට පත් කරමින් තමුන් විසින් තමුන්වම
ප්‍රචාලනය කල හැකි මයික්‍රො පරිමාණ රොබෝවරු වර්ගයක් පිලිබඳ විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් පසුගිය
දිනක ලොව නැනෝතාක්ෂණය සඳහා වන ඉතාම ඉහල මට්ටමේ විද්‍යාත්මක සඟරාවක (scientific
journal) පළ විය. මෙම රොබෝවරුන්ගේ
ඇති මුලික විශේෂත්වය වනුයේ මිසිලයක මෙන් වායු දහහරාවක් විහිදවමින් අති වේගයෙන් ඉදිරියට
ප්‍රචාලනය වීමට මේවාට ඇති හැකියාවයි. තවදුරටත් මෙම රොබෝවරුන්ගේ පෘෂ්ටය මත තැන්පත්
කර ඇති graphene oxide නම් විශේෂ නැනෝ අංශු වර්ගය මගින් එම රොබෝවරු ප්‍රචාරණය කල හැකි
ජලයෙහි ඇති ඊයම් වැනි බැර ලෝහ වර්ග
අවශෝෂණය කර ගැනීමටද මෙම රොබෝවරුන්ට හැකියාව ඇත.
මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් ගණනාවක නැනෝතාක්ෂණය
සඳහා වන ප්‍රධාන ආයතන රාශියක එකතුවකි. එම විද්‍යාත්මක ලේඛනය සඳහා යොමුවක් මෙහි දැක්වේ (Graphene-Based Microbots for Toxic Heavy Metal Removal and Recovery from
Water)
මෙම රොබෝවරු ප්‍රමාණයෙන්
මයික්‍රො පරිමාණයේ වන අතර කුහරයක්
සහිත සිලින්ඩරයකට සමාන ආකාරයෙන් නිපදවා ඇත. මෙමෙ කුහරයේ ඇතුල් පැත්තේ නැනෝපරිමාණ
ප්ලැටිනම් ලෝහ ආලේපනයක් යොදා තිබේ. සිලින්ඩරය නිපදවා ඇත්තේ නිකල් ලෝහය භාවිතා කිරීමෙනි. මෙම මයික්‍රො රොබෝවරු ප්‍රචාලනය
කිරීමට අවශ්‍ය බලය ලබා ගනු ලබන්නේ ජලයෙහි ඇති හයිඩ‍්‍රජන් පෙරෝක්සියිඩ් උත්පෙරක
වියෝජනයකට ලක් කිරීමෙනි. හයිඩ‍්‍රජන් පෙරෝක්සියිඩ් වියෝජනය වීමේදී නිෂ්පාදනය වන
ඔක්සිජන් වායුව කුහරයෙන් එලියට විදීම නිසා මෙම රෝබෝට්ටන් ප්‍රචලනයට අවශ්‍ය බලය
ලැබේ. මෙම රොබෝවරුන්ගේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඒවායේ අඩංගු නිකල් ලෝහය නිසා
අවශ්‍ය නම් චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කර උවද හැසිරවීමට හැකි වීමයි. එමගින් ජලයෙහි
ඇති බැර ලෝහ අවශෝෂණය කිරීමෙන් පසුව අවශ්‍ය ස්ථානයකට මෙම රෝබෝට්ටන් එකතු කර ගැනීමට
උවද හැකියාවක් ඇත.

Comments
Post a Comment