Skip to main content

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු. සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි. එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු (Ceres, Eris ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ.



සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :

  •  නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත
  •  තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙප්චුන් සහ ප්ලුටෝට ඈතින් පිහිටි කල්පිත ග්‍රහයකු ගැන සදහන් කර ඇතත් එය නිශ්චිත නැත . මේ අතර පෘථිවිය විසින් යවන ලද ප්ය්නර් 10 හා පය්නර් 11 යන යානා මගින් සංයා ලැබෙමින් පවතී .එමනිසා දහවැනි ග්‍රහයකු සිටීද නැද්ද යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ළඟදීම ලැබෙනු ඇත .
  • පි දැනට දන්නා ග්‍රහලෝක වලිනුත් එහා අප සෞර ග්‍රහ මණ්ඩලයේ ආදිපත්‍ය ඇති බවට දැන් විද්‍යනයයෝ පවසයි . ඔවුන් පවසන පරිදි හිරුගෙන් ඈත ශීතල ඉතා අදිකයි අයිස් කුට්ටි සහ දුවිලි වලින් සැදුණු මුදුවක් සූර්යය ග්‍රහ මණ්ඩලය වටා ඇත. මෙය හඳුන් වන්නේ කෙප්ලර් පටිය ලෙසයි. කෙප්ලර් පටියෙහි ඇති විශාලම වස්තුව රතු ලපයයි .මෙහි ඇති දෙවනියට විශාලම වස්තුව ලෙස හඳුනාගෙන ඇත්තේ අපගේ ප්ලුටෝ ග්‍රහයයි .මෙහි උපත සහ සංයුක්තිය ගැන විද්‍යනයන් තවමත් අද්‍යනය කරමින් පවතී. දැනට සොයා ගෙන ඇති තොරතුරු වලට අනුව , මෙය හිරු ඇතිවීමේදී සූර්යයා වටා සැදුණු ගණ දුවිලි තැටියේ ග්‍රහලෝක බවට පත්නොවී ඉතුරුවූ තරමින් කුඩා කොටස්වලින් සමන්විත අතර යුරේනස්  සහ නෙප්චුන් යන ග්‍රහයන් දැනට සෞර ග්‍රහ මණ්ඩලයෙහි පිහිටි තැන කෙරෙහි රුජුවම බලපෑම් ඇති කිරීමට හැකියාවක් තිබී ඇත. තරමින් විශාල ස්කන්දයක් ඇති ග්‍රහ වස්තුන් පැවතිය යුත්තේ බ්‍රහස්පති සහ සෙනසුරු වැනි ග්‍රහයින් මෙන් හිරුට සමීපයේය . නමුත් කෙප්ලර් පටියෙහි ඇති කුඩා වස්තුන්ගෙන් ඇතිවුණු බලපෑම නිසා සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහයින්ගේ ගමන් පථය සූර්යයා දෙසටත් නේප්චුනේ සහ යුරේනස් ගේ ගමන් පථය සූර්යයාගෙන් ඉවතටත් තල්ලු විය .
  •  සූර්යය ග්‍රහ මණ්ඩලයේ අප දන්නා තරමින් අන්තිම ග්‍රහයා කවුද ?ප්ලුටෝ ! එහෙත් මේ මතය දැන් විද්‍යනයන් අතර විවාදයකට ලක්වී ඇත. එයට හේතුව ප්ලුටෝගේ අසංවර ගමනයි. එමනිසා ග්‍රහ මණ්ඩලයේ අවසානයේ ඇත්තේ නෙප්චුන් යැයි සැලකෙනවා .

 සූර්ය ග්‍රහ මණ්ඩලයේ උපත පිලිබඳ විවිද මත :

  • හිරුගේ උපත සිදුවුයේ වායු හා දුවිලි වලාවකින්. එසේ සැදුණු  හිරු වට කරගෙන දුලි හා හා ඉතිරි වායු වලින් වල්ලක් සාදුනා .අලුත උපන් හිරුගේ උණුසුම වැඩිය් , එනිසා ඝන කැබිලි , වායු , ජලවාෂ්ප ආදිය මැද සිට එලියට විසිර ගියා . ඒවායින් තමා ඇස්ටරොයිඩ (ග්‍රාහක ) හා වඩා ළඟ ග්‍රහයන් වන බුද , සිකුරු , පෘතුවි , අඟහරු ආදිය බිහිවුනේ . වායු හා බර නැති ගල් කැබිලි වැනි දුවිලි වලින් වඩා ඈත පහිටි ග්‍රහලෝක වන බ්‍රහස්පති , සෙනසුරු , යුරේනෙස් , නෙප්චුන් යනාදී ග්‍රහයන් බිහිවිය. මේ පසුව සඳහන් කරන ලද ග්‍රහලෝක වායුමය ග්‍රහලෝක ලෙස හඳුන්වමු . විද්‍යාන්‍යයන් විස්වාස කරන ලෙස ප්ලුටෝ යම් යම් වායුමය දැවැන්තයකුගේ ඇදගැනීමේ බලයට හසු නොවන්නට අපට නව වන ග්‍රහයකු නොසිටිනු ඇත.
  •  1972 දී ජෝන් ලුවිස් , ග්‍රහ මණ්ඩලයේ උපත පිලිබඳ නව මතයක් ඉදිරිපත් කරන ලදී . ඔහුගේ මතයට අනුව,විශාල දුලි තැටියකින් බිඳී ගිය කොටස් සූර්යයාගේ සිට විවිද දුරවල් තුල ග්‍රහලෝක බිහිවිය. ඉතා ඉහල ද්‍රවංක සහිත යකඩ , ලෝහ මිශ්‍රණ සහ වැලි වැනි සිලිකේටයන් සූර්යයාට ඉතා සමීපයේද අයිස් වැනි පහල ද්‍රවංක සහිත සහිත වූ කොටස් සූර්යයාට ඇතින්ද ගැනිබවනය විය. මේ අනුව සූර්ය ග්‍රහ මණ්ඩලයේ අබ්යන්තරයේ වූ ග්‍රහලෝක යකඩ හා තද පාෂාණ වලින් යුක්ත විය යුතුය.දුරින් පහිටි ග්‍රහයන් අයිස් , ඇමෝනියා වැනි වයුන්ගෙන් යුක්ත විය යුතුයි . මේ මත වාදයට එරිහිව නැගී සිටින බුද ග්‍රහයා මතය වැරදි කිරීමට සාක්ෂි ඉදිරිපත් කරයි . ඉතා ඉහල උෂ්ණත්වයක් යටතේ වුවත් ද්‍රව නොවීමට තරම් ප්‍රබල ලෝහ වර්ගයක් බුද ග්‍රහයා සතුය . එහෙත් එය ඉතා කුඩාය ? එයට හේතුව ආරම්බයේදී වාඩා විශාල වූ බුද ග්‍රහයා දැඩි උණුසුමක් යටතේ මිරිකී සංකෝචනය වීමයි.
  •  බොහෝ කලකට ඉහත , පෘතුවිය ඇතුළු අනෙක් සූර්ය ග්‍රහ මාණ්ඩලික සාමාජිකයන් සූර්යයා වටා පැවිති වායු වලාවකින් උපත ලැබූ බව පවසයි .
 සාක්ෂි : හබල් දුරේක්ෂය මගින් ගන්නා ලද ජායා රූප මගින් තාරකා වටා වායු වලා තැටි ඇති බව අනාවරණය විය ( සූර්යය ග්‍රහ මණ්ඩලයේ උපත පිලිබඳ සියලුම මත බිහිවී ඇත්තේ මේ න්‍යායට අනුවයි )
  •  ජේම්ස් ජීන්ස් ගෙන් ග්‍රහ මණ්ඩලයේ උපත පිලිබඳ අලුත් මතයක් (1917):
විශ්වයේ පවත්නා අනන්ත අප්‍රමාණ තාරකා වලින් එකක් බොහෝ අතීතයේදී අපගේ සූර්යයාට ලංව ගමන් ගත්තේය . අද මෙන් නොව එකලදී අපගේ සූර්යයා ඉතා විශාල තාරකාවක් ලෙස පැවිතිණි . මෙම තාරකා දෙක අතර ඇතිවූ ආකර්ෂණය නිසා සූර්යයාගේ පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉදිරියට නෙරාවිත් එය ඉද්දක් මෙන් අලුත් තාරකාව දෙසට ඈදී ගියේය . මෙම සිදුවීමත් සමග සූරයාට ලංවූ තාරකාව නැවත ඈත අවකාශයටම ඇදී ගොස් අතුරුදහන් විය . මෙලෙස අපගේ සූර්යයාගෙන් ඇදී ගිය පදාර්ථ කොටස ක්‍රමයෙන් පහිටි තැන්වලම ගනිබවනය වී ග්‍රහ මණ්ඩලයේ උපත සිදු විය
  • බොහෝ අතීතයේදී සූර්යයාට දුලි වලාවන් හරහා යාමට සිදුවිය. අපගේ සූර්යයාට අති විශාල ගුරුත්වයක්ද සතු වූ බැවින් දුලි වලාව හරහා ගමන් කිරීමේදී නොයෙක් දුලි අංශු එයට රැස් කොට ඒවා ගනිබවනය වී සූර්ය ග්‍රහ මණ්ඩලය සැදිණි .

Comments

Popular posts from this blog

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....