Skip to main content

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා :


මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ .

විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත .

ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් නගරයට දිවා කාලයේදී ඇද වැටුණු උල්කාපාතය හිරුගේ සිට පමිනියය් කියා සිටී ඔහු හිරු ප්‍රාමානයෙන් පෙලෝනියුස් නුවරට වඩා විශාල යැයි කියා සිටියේය . හිරු දෙවියන් පිලිබඳ බලධාරීන් ඇනක්සගොරස්ට තර්ජනය කල අතර දෙවියන් පිලිබඳ කඩාකප්පල්කාරී මත පලකිරීම නිසා ඔහුව ඇතැන්ස් නුවරින් පන්නා දැමිණි .
සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය සූර්යයා බව කියා සිටී නුතන තාරකා විද්‍යාවේ පියා වශයෙන් සලකන නිකොලස් කොපර්නිකස්ටද තම මතය පල කිරීමෙන් අත් වුයේ එබදුම ඉරණමකි. ඇනක්සගොරස් වැන්නන් පලවා හැරීමෙන් දිවි ගලවා ගත්තද ගියරෝදා බ්රුනෝ වැන්නෝ සූර්යයා පිලිබඳ අදහස් පල කිරීම නිසා ගිනි තබා මරා දැමීමට ලක්වූහ .කෙසේ වුවද සූර්යයා පිලිබඳ දැනීම වර්දනය වීමට මුල් යුගයේ මේ ආකාරයේ විශාල බාධා පැවතියත් සූර්යයා පිලිබඳ දැනුම වැඩෙන විට ඊට සමාන්තරව සූර්යයා පිළබඳ පැරණි අදිපති වාදී විශ්වාස රැසක් අබාවයට ගියේය . වසර දහස් ගණනක් ඈතට දිවෙන හිරු දෙවියන්ගේ වගතුග හරා ඇවිස්සීම මිනිස් ඉතිහාසයේ වැදගත් සංදිස්ථාන රැසක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමකි .

1990 දී ගුවන් ගත කල යුලිසිස් චන්ද්‍රිකාව 1994 වසර අග බාගයේදී හිරුගේ දකුණු ධ්‍රැව පෙදසට ඉහලින් ගමන් කර ඇත .ඇත්ත වශයෙන්ම යුලිසිස් වූ කලී හිරු දෙවියන්ගේ උතුරු දකුණු කෙලවර වෙත ලඟා වන මිනිස් අතින් තැනුණු පලුමු වස්තුවයි .1993 වර්ෂයේ ඔක්තෝබර් 12 වන විට යුලිසිස් සූර්යය දක්ෂිණ අක්ෂාංශ 37 තරම් පහල මට්ටමකට ගමන් කර ඇත .ඒ වනවිට එය සූර්යයාගේ සිට නක්ෂත්‍ර එකක 3.95 ක දුරින් හිරුගේ දක්ෂිණ ධ්‍රැවය දෙසට ගමන් කරමින් තිබුණි ( නක්ෂත්‍ර ඒකකය යනු පොලවේ සිට හිරුට ඇති සාමාන්‍ය දුරයි . මෙය කිලෝමීටර මිලියන 150 ක් පමණ වේ ).

පොලවේ සිට හිරු වෙත යැවූ චනද්‍රිකා වක් පොළවෙහි සිට හිරු වෙත ඇති දුර මෙන් සිවු ගුණයක් එපිටට ගියේ කෙසේද ?. හෝමර්ගේ ඔඩිසි වීර කාව්‍යයේ එන වීරයාගේ නම ලබා ඇති ග්‍රීකයන්ගේ වීරයා වූ යුලිසිස් පරංගියා කෝට්ටේ ගියා වගේ මෙබඳු ගමනක යෙදී සිටීමට හේතුව එය ඉතා සුවිශේෂ ගමනක යෙදීමයි. යුලිසිස් ගමන් මාර්ගය සූර්යයාගේ ධ්‍රැව පෙදෙස් වලට ඉහලින් යෙදුනු අනෙක් චන්ද්‍රිකාවල ගමන් ගමන් මාර්ගයට වඩා වෙනස් වූ මාර්ගයකි . ග්‍රහලෝක වෙත යැවුණු චන්ද්‍රිකා සාමාන්‍යයෙන් ගමන් කරන්නේ සූර්යයාත් එය වටා යන ග්‍රහලෝකවලිනුත් තැනුණු තලයක් ඔස්සේය .

යුලිසිස් හිරු වෙතට ලං වූ  යේ ක්‍රාන්ති තලයට ලම්බක වූ තලයකය . හිරුගේ ධ්‍රැව වටා යෙදෙන මේ වර්ගයේ ගමන් මාර්ගයකට චන්ද්‍රිකාවක් කෙලින්ම ඇතුළු  කිරීමට අති  විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යය වේ . එම අතිරේක ශක්තිය ලබා ගැනීමට යානාව සැලසුම් කල නාසා ආයතනයේ හා යුරෝපා ආභ්‍යවකාශ ඒජන්සියහි විද්‍යාන්‍යයන් බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ බලය සමග පොඩි පහේ සුදුවක් කළහ .ඔවුන් බ්‍රහස්පතිගේ උතුරු පෙදෙසට ඉහිලින් යානය ගමන් කරන්නට සලස්වා සෞර ග්‍රහ මණ්ඩලයේ යෝධයාගේ ගුරුත්ව බලය උපකාර කරගෙන යුලිසිස්ක්‍රාන්ති තලයෙන් පහලට දිවෙන මගක් වෙත යොමු කළහ. කෙසේ වුවද කල දුටුකල වල ඉහගන්නා තාරකා විද්‍යාන්‍යායෝ බ්‍රහස්පති පිලිබඳ අධ්‍යනයටද යුලිසිස් යොදා ගත්හ . 1995 වර්ෂයේදී ක්‍රාන්ති තලය පසාරු කරගෙන සූර්යයාගේ උතුරු දිග සිට දකුණු දිගට ඇතුළුවූ යුලිසිස් සූර්යය සුළඟ , සූර්යයාගේ කාන්දම් බලය පැතිර ඇති ආකාරය සූර්යයාගෙන් නිකුත් වන රේඩියෝ තරංග ප්‍රවාහ , ආරෝපිත අංශු ප්‍රවාහ හා එක්ස් කිරණ පිළිබඳවත් හිරුගෙන් නිකුත් වන කොස්මික් කිරණ දාරා අධ්‍යනයහිත් නිරත විය .


සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රදානියා ලෙස සැලකෙන සූර්යයාද මේ විශ්වය පුරා පැතිරී සිටින අනෙකුත් තාරකා මෙන් මද්යම ප්‍රමාණයේ තාරකාවකි . සූර්යයා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය වන අතර එයට තම අක්ෂය වටා බ්‍රමනයට දින 30 ක් ගතවේ . සූර්යයා මත ඇති අදික උස්ණත්වය හේතු කොටගෙන එය කහ පැහැයට හුරු සුදු පැහැ යකින් යුක්ත වේ. මෙහි මතුපිට උෂ්ණත්වය කෙල්වින් 5778 ක් වන අතර සූර්යය අරය කිලෝමීටර 696 000 කි. පෘථිවියෙහි සිට සූර්යයාට දුර කිලෝමීටර මිලියන 150 කි. සූර්යයා මත ගුරුත්වාකර්ෂණ බලය පෘතුවියෙහි මෙන් 20 ගුණයක් පමණ වේ . පෘතුවියෙහි ශක්ති සැපයුම් කරු අපගේ සූර්යයා වේ .

Comments

Popular posts from this blog

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....