 |
| සුර්යය උදාව විශ්වයේ සිට |
දෙවන ලෝක යුද්ධය පවතී
කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය
ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව
සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන්
බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය
ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ
හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ
කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය .
දැවැන්ත රේඩියෝ ,
පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ
දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල
සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය
ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ
වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ. සූර්යය
සුළි සුළග ලක්ෂණ බහුල වන්නේ හිරු ලප පිහිටි පෙදෙස් වලට ඉහල වර්ණ ගෝලයේ සහ කිරිටයේය
. හිරු ලප ක්‍රියාකාරිත්වය නැගීමත් සූර්යය දෙවියන් කෝප වීමත් හිරුගේ කාන්දම් බලය
සමග සම්බන්දතාවක් දක්වන බව දැන් අනාවරණය වී තිබේ .
 |
රුපය 1: ස්වීඩන සූර්යය දුරේක්ෂය මගින් වසර 2002 ජුලි 17 වන
දින අසු කරගත් හිරු ලපයක ජයාරුපය. මෙහි
අදුරු පැහැති ප්‍රදේශය පෘතුවිය හා සමාන විශාලත්වයකින් යුතු වේ.
හිරු ලප සෙසු සූර්යය
මතුපිට පැහැයට වඩා අඳුරු පැහැයට පෙනීමට හේතුව එහි උස්ණත්වය සාපේක්ෂව අඩු මට්ටමක
පැවතීමය . හිරු ලප ඇති වන්නේ හිරුගේ ප්‍රබා ගෝලයේය . මෙහි සාමාන්‍යය උස්ණත්වය 6000
C වන අතර හිරු ලප මතුපිට උෂ්ණත්වය 4000 C ක් පමණ වේ. හිරු ලප මත ඉතා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පවතී . මෙම හේතුව
නිසා ප්‍රබා ගෝලයේ අනෙකුත් ප්‍රදේශ වල ඇති සංවහනය හිරු ලප මතුපිටදී නිශේදනය කරනු
ලබයි. මෙය හිරුලප මතුපිට උස්ණත්වයෙහි අඩු වීමට හේතුව බව විද්යන්නයින් සොයා ගෙන ඇත
ඇතැම්
විද්‍යාන්‍යයන් හිරු ලප උපමා කරන්නේ මෙට්ටයක දුනු එය ඉරා පිටතට පැමිණෙන ආකාරයට
සූර්යය චුම්බක බලය සූර්යය මතුපිටින් නෙරා නෙරා ඒමක් ලෙසය . විශාල හිරුලප වල චුම්බක
ප්‍රබල තාව පොළවෙහි චුම්බක ක්ෂේත්‍ර ප්‍රබල තාව මෙන් 400 (ගවුස් 4000) ගුණයක් පමණ වන බව සොයා
ගෙන තිබේ
හිරු ලප කලාපයෙහි බල පවත්වන ප්‍රබල චුම්බක කේෂ්ත්‍රය සූර්යය
අබ්යන්තරයෙහි සිට මතුපිටට සූර්යය ශක්තිය ගෙන එන සංවහන ක්‍රියාවලියට බාධා ඇති කරතයි
තාරකා විද්‍යාන්‍යයන් විශ්වාස කරති .
හිරු ලප ප්‍රතිවිරුද්ධ
ධ්‍රැවීය තාවයන් සහිත යුගල වශයෙන් පවතී . කුඩා හිරු ලප එකතුවක් සාමාන්‍යයෙන් කිලෝමීටර
සිය ගණනක විෂ්කම්බයෙන් යුතු අතර විශාලතම හිරු ලප එකතුව පෘතුවියේ විෂ්කම්බය මෙන්
තුන් හතර ගුණයක් දක්වා වැඩිවන අවස්ථා තිබේ .මේවා හිරු බැස අවස්ථා වලදී පියවි ඇසින්
පවා දැකිය හැක .
හිරු ලප නිරීක්ෂණය කරනු
ලබන්නේ පෘතුවිය මතුපිට හෝ පෘතුවිය වටා බ්‍රමණය වන දුරේක්ෂ ආධාරයෙනි.මෙම
දුරේක්ෂයන් සතුව සුවිශේෂවූ වර්ණා වලික්ෂ සහ සූර්ය වර්ණාවලික්ෂ පවතී . සූර්යයා දෙස
කෙලින්ම බැලීම කල නොහැකි නිසා මෙම දුරේක්ෂ වල උපනෙත සතුව හිරු ලප නිරීක්ෂණය කිරීමට
සුවිශේෂ වූ හයිඩ්‍රජන් - ඇල්ෆා කලාප තරන පෙරහන් (hydrogen –alpha narrow band gap
filters ) සහ ඇලුමිනියම් ආලේපිත විදුරු හායන පෙරහන් (glass attenuation filter )
ඇත. තවද කෘතීම සූර්යය ග්‍රහණ මගින් විද්‍යාන්‍යයන්ට සූර්ය පරිදිය දෙස කෙලින්ම බැලිය
හැකි නිසා සූර්යය ක්ෂිතිජය හරහා යන හිරු
ලප නිරීක්ෂණය කල හැක .
හිරු ලප ක්‍රියාකාරිත්වය
වසර 11 න් 11 ට චක්‍රීයව අඩු වැඩි වෙයි . ප්‍රථමයෙන් සූර්යයාගේ ඉහල අක්ෂාංශ වලින් ආරම්බ
වන හිරු ලප කෙමෙන් කෙමෙන් සමකය දෙසට වර්දනය වේ .වසර එකොළහේ එක් හිරු ලප චක්‍රයක්
අවසන්ව ඊලග හිරු ලප චක්‍රය ආරම්බ වන විට ලප වල චුම්බක දිශාව මාරු වේ. මෙම චුම්බක
දිශා මාරුවද සැලකු විට ඇත්ත වශයෙන්ම හිරු ලප චක්‍රයක නියම දිග වසර 11 නොව 22 කි. සූර්යය චුම්බක
කේෂ්ත්‍රයේ මෙවන් කැපී පෙනෙන වෙනස්වීම් ඇති කිරීමට හේතු වන්නේ සූර්යයාගේ ආරෝපිත
වායු අංශු සූර්යය චුම්බක රටාවලට බලපාන නිසා යයි ඇතැම් විද්‍යාන්‍යයන් විශ්වාස කරති
. බ්‍රහස්පතිට සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලයද වසර 11.8 නිසා හිරුලප සමග බ්‍රහස්පති සම්බන්ද කිරීමට ඇතැම්හු උතසාහ කළහ . පොලවේ
හමුවන විවිද චක්‍රීය රටාවන් සමග හිරු ලප චක්‍රය සම්බන්ද කර තිබේ . හිරු ලප පිළබදව
රසවත්ම කොටස මෙයයි .
ක්‍රි.ව 1801 දී ප්‍රකට තාරකා විද්‍යාන්‍යය විලියම් හර්ෂල් වෙළද පොලේ තිරිඟු මිල අඩු
වැඩි වීම සමග හිරු ලප චක්‍රය සම්බන්ද කළේය . එදා සිට මේ වන විට ගැහැණුන්ගේ සායේ
දිග ,වයින් රස , චීනයේ කෘමි වසංගත ඇතිවීමේ රටාව , මානසික රෝහල් වලට ඇතුලත් කරන
රෝගීන්ගේ සංක්‍යාව , දේශපාලන විප්ලව , භූමිකම්පා හා ගිනිකදු පිපිරීම් පමණක් නොව
රුදිරය කැටිගැසීමට ගතවන කාලයද හිරු ලප චක්‍රයට ආදා තිබේ . කෙසේ වුවද පොළොවේ
කාලගුණය සමග හිරු ලප වල සම්බන්දතාවයක් ඇතැයි ඇතැම් විද්‍යාන්‍යයන් විශ්වාස කරති .නමුත්
අවාසනාවකට මෙන් ඊට ප්‍රධාන කොට හේතු වී ඇත්තේද මිනිසාමය . කාර්මික විප්ලවය නිසා
ඇතිවන කාලගුණික විපර්යාසයන්ගේ වරද හිරුට පැවරීම කෙතරම් අසාධාරණද .හිරු ලප වල රහස
හිරුටම සිමා වූ රහසක් ලෙස සැලකීමට බොහෝ තාරකා විද්‍යාන්‍යයන් කැමතිය .
|
Comments
Post a Comment