Skip to main content

සූර්යය සංයුතිය සහ සූර්ය අබ්යන්තරය

සූර්යය සංයුතිය:

සූර්යය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හය්ද්‍රජන් සහ හීලියම් යන රසායනික මුලද්‍රව්‍යයන් දෙකිනි. මෙය සූර්යය ස්කන්දයෙන් 79.5 % වේ. සියලුම ඝන මුලද්‍රව්‍යයන් ලෝහ වන අතර එය සූර්යය ස්කන්දයෙන් 2% කටත් වඩා අඩු ප්‍රමාණයකි. මීට අමතරව හිරු සතු වඩා බහුල මුලද්‍රව්‍යයන් අතර ඔක්ෂිජන් සූර්ය ස්කන්දයෙන් 1%, කාබන් 0.3% , නියෝන් 0.2 %, යකඩ 0.2 % යනාදී වශයෙන් පවතී.හිරුගේ මෙම රසායනික සැකසුම උරුම වී ඇත්තේ සූර්යයාට උපත දුන් අන්තරීක්ෂ වලා මගින් වන අතර හයිඩ්‍රජන් සහ හීලියම් වායුන් ලැබී ඇත්තේ මහා පිපුරුමේදී ඇතිවූ නියුක්ලියෝන සංකලන මගිනි.

සූර්ය අබ්යන්තරය :

සූර්යයාගේ අබ්යන්තරය කෙලින්ම නිරීක්ෂණය කලහැකි උපකරණයක් දැනට නිර්මාණය කර නොමැත . සූර්යයා විද්‍යුත් චුම්බක විකිරණ ( Electromagnetic radiation) වලටද පාරාන්ධ බවක් පෙන්වයි .සූර්යය අබ්යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග සහ සූර්ය බු කම්පන විද්‍යාව උපයෝගී කරගෙන සූර්යය අබ්යන්තරය ගැන කරුණු අනාවරණය කරගෙන ඇත .

රුපය 1: අපගේ සූර්යයාගේ සැකසුම
("Sun poster" by Kelvinsong - Own work. Licensed under CC BY-SA 3.0 via Commons - https://commons.wikimedia.org/wiki/File:Sun_poster.svg#/media/File:Sun_poster.svg)
සූර්යය අබ්යන්තර සැලැස්ම එකක් මත එකක් පිහිටි කෙමෙන් විශාලවන කුහර ගෝල මාලාවක් ලෙස විස්තර කල හැක.එහි ඇතුළතින්ම පිහිටන්නේ සූර්යය හරයයි (core) .සූර්යය හරය එහි කේන්ද්‍රයේ සිට මතුපිටට ඇති දුරින් ¼ ක දුරක් දක්වා විහිදේ . මෙම හරය තුල සූර්යය ශක්තිය නිපදවන න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවේ . මෙහි උෂ්ණත්වය සෙල්ශියෂ් 15 000 000 පමණ වේ යයි ගණන් බලා ඇත . මෙය සූර්යය මතුපිට උෂ්ණත්වය මෙන් දස දහස් ගුණයකි. සොහො (SOHO – Solar and Heliospheric Observatory ) වයපෘතියේදී  ලබාගත් තොරතුරු අනුව සූර්යය අබ්යන්තර එහි අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව වේගයෙන් බ්‍රමණය වේ . සූර්යය අබ්යන්තර තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් සූර්යය ශක්තිය නිපදවේ . ඝනත්වයෙන් අඩු මුලද්‍රව්‍ය වල සිදුවන විලයන ප්‍රතික්‍රියා මගින් පණක් මෙම සූර්යය ශක්තිය නිපදෙවේ.මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්රියවේදී ඝනත්වයෙන් අඩු මුලද්‍රව්‍යයක් වන හ්ය්ද්‍රජෝන් පරමාණු න්යස්ටි දෙකක් එකතු වී හීලියම් පරමාණුක න්යස්ටියක් නිපදවේ .මෙහිදී හ්ය්ද්‍රජෝන් පරමාණු න්යස්ටිහ්ය්ඩ් ස්කන්දයෙන් 0.7% චාලක ශක්තිය සහ විද්‍යුත් චුම්බක විකිරණ බවට පත්වේ . මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය  ප්‍රධාන ක්‍රමයන් දෙකකට සිදුවේ .ඉන් පළමු ආකාරය ප්‍රෝටෝන-ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාවකි.දෙවන ආකාරය  කාර්බෝන්-න්යිට්‍රජෝන් -ඔක්සිජන් වක්‍රය ලෙස හැඳින්වේ.විද්‍යනයන් විසින් සකසා ඇති න්‍යායික ආදර්ශනයන් අනුව සූර්යය ස්කන්දය මෙන් 1.3 ගුණයක් ස්කන්දයක් ඇති තරුවල දෙවන ආකාරයෙන් සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන ශක්තිය පළමු ආකාරයේ  න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන ශක්තියට වඩා ප්‍රමුක වේ. අපගේ හිරුගේ ස්කන්දය සහ වයස අනුව පළමු ආකාරයේ  න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන ශක්තිය සහ දෙවන ආකාරයේ  න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන ශක්තිය අතර අනුපාතය 1:0.8 ක් පමණි. මෙම අනුපාතය සූර්යාගේ වයස වැඩි වත්ම වෙනස්වේ.
හරයට පිටතින් සූර්යය විකිරණ කලාපය ( Radiative zone) පිහිටා ඇත . සූර්යයාගේ වැඩිම ප්‍රදේශයක පැතිරී ඇත්තේ මෙම කලාපයයි . එහි දිග කිලෝමීටර ලක්ෂ 7 ක් පමණ වේ . සූර්යය හරයෙහි සිට මෙම විකිරණ කලාපය හරහා පිටතට පැමිණෙන විට උස්ණත්වය කෙමින් අඩුවේ .මෙහි මායිමේ උෂ්ණත්වය සෙල්ෂියස් 500 000 පමණ වේ . සූර්යය විකිරණ කලාපය සූර්යය මද්‍යයේ සිට මතුපිටට ඇති දුරින් 85  % කි . මෙම කලාපය හරහා ශක්තිය මාරු වන්නේ තාප විකිරණ මගින් පමණි .සූර්යය හරයේ මතුපිට සිට විකිරණ කලාපයේ මතුපිටට පැමිණෙන විට හිරුගේ ඝනත්වය සිය ගුණයකින් අඩුවේ .
සූර්යය විකිරණ කලාපය සහ සංවහන කලාපය අතර ඇති ක්‍රාන්ති කලාපය තකෝ ක්ලයින් (Tachocline ) කලාපය ලෙස හැදින්වේ .
විකිරණ කලාපයට පිටතින් පිහිටා ඇත්තේ සංවහන කලාපයයි (convection zone). මෙය හිරුගේ අපට ඇසට පෙනෙන ප්‍රබා ගෝලය ( photosphere) දක්වා පැතිර ඇත . මෙය සංවහන කලාපය යනුවෙන් හඳුන්වන්නේ එය ඇත්තෙන්ම උදුනක තැබූ ජල හැලියක් බඳු නිසාය . එනම් මෙම කලාපය හරහා සූර්යය ශක්තිය ගමන් කරන්නේ සංවහන ධාරා ආදාරයෙනි . මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය 6000 C පමණ වේ. හිරු ලප දක්නට ඇත්තේ ප්‍රබා ගෝලයේය. ප්‍රබා ගෝලය යනු , හිරු තම ආලෝකය සහ තාපය විදාරණය කරන සූර්යය වායු ගෝලයේ ඇතුළතින්ම පිහිටි කොටසයි .

සූර්යය වායු ගෝලයේ ඊළඟ කොටස වන්නේ වර්ණ ගෝලයයි (Chromosphere). මෙහි වායුන් නිරන්තරයෙන් කැලබුනු තත්වයක පවතී. කිලෝමීටර 800 ක් තරම් දුර දිවෙන වේගවත් වායු දාරා (spicules) මෙමකලාපයේ ඇත . මෙහි මද්‍යයේ උෂ්ණත්වය 27800 c ක් පමණ වේ .


වර්ණ ගෝලයට ඔබ්බෙන් 2200000 C ක පමණ උෂ්ණත්වයෙන් යුතු සූර්යය කිරීටය (Corona)  පිහිටා ඇත. මෙහි පරමාණු පිහිටන්නේ එකිනෙකාගෙන් බෙහිවින් ඇත්වය. එනම් මෙම කලාපය හරහා යන හිරු කිරණ වලින් මිදීමට හැකි වුවහොත් සීතලක් පවා දැනෙනු ඇත.කිරීටයේ සිට පිටතට යන විට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී යලි වැඩි වී නැවතත් අඩුවේ . මෙසේ වීමට හේතුව තවමත් අබිරහසකි.

Comments

Popular posts from this blog

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....