සූර්යය සංයුතිය:
සූර්යය ප්‍රධාන වශයෙන්
සමන්විත වන්නේ හය්ද්‍රජන් සහ හීලියම් යන රසායනික මුලද්‍රව්‍යයන් දෙකිනි. මෙය
සූර්යය ස්කන්දයෙන් 79.5 % වේ. සියලුම ඝන මුලද්‍රව්‍යයන් ලෝහ වන අතර එය සූර්යය
ස්කන්දයෙන් 2% කටත් වඩා අඩු ප්‍රමාණයකි.
මීට අමතරව හිරු සතු වඩා බහුල මුලද්‍රව්‍යයන් අතර ඔක්ෂිජන් සූර්ය ස්කන්දයෙන් 1%, කාබන් 0.3% , නියෝන් 0.2 %, යකඩ 0.2 % යනාදී වශයෙන් පවතී.හිරුගේ මෙම රසායනික සැකසුම උරුම වී ඇත්තේ සූර්යයාට උපත
දුන් අන්තරීක්ෂ වලා මගින් වන අතර හයිඩ්‍රජන් සහ හීලියම් වායුන් ලැබී ඇත්තේ මහා
පිපුරුමේදී ඇතිවූ නියුක්ලියෝන සංකලන මගිනි.
සූර්ය අබ්යන්තරය :
සූර්යයාගේ අබ්යන්තරය
කෙලින්ම නිරීක්ෂණය කලහැකි උපකරණයක් දැනට නිර්මාණය කර නොමැත . සූර්යයා විද්‍යුත්
චුම්බක විකිරණ ( Electromagnetic
radiation) වලටද පාරාන්ධ බවක්
පෙන්වයි .සූර්යය අබ්යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග සහ සූර්ය බු කම්පන විද්‍යාව
උපයෝගී කරගෙන සූර්යය අබ්යන්තරය ගැන කරුණු අනාවරණය කරගෙන ඇත .
සූර්යය අබ්යන්තර සැලැස්ම
එකක් මත එකක් පිහිටි කෙමෙන් විශාලවන කුහර ගෝල මාලාවක් ලෙස විස්තර කල හැක.එහි
ඇතුළතින්ම පිහිටන්නේ සූර්යය හරයයි (core)
.සූර්යය හරය එහි කේන්ද්‍රයේ
සිට මතුපිටට ඇති දුරින් ¼ ක දුරක් දක්වා විහිදේ .
මෙම හරය තුල සූර්යය ශක්තිය නිපදවන න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවේ . මෙහි උෂ්ණත්වය
සෙල්ශියෂ් 15 000 000 පමණ වේ යයි ගණන් බලා ඇත . මෙය සූර්යය මතුපිට උෂ්ණත්වය
මෙන් දස දහස් ගුණයකි. සොහො (SOHO – Solar and Heliospheric Observatory )
වයපෘතියේදී ලබාගත් තොරතුරු අනුව සූර්යය අබ්යන්තර
එහි අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව වේගයෙන් බ්‍රමණය වේ . සූර්යය අබ්යන්තර තුල
සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් සූර්යය ශක්තිය නිපදවේ . ඝනත්වයෙන් අඩු
මුලද්‍රව්‍ය වල සිදුවන විලයන ප්‍රතික්‍රියා මගින් පණක් මෙම සූර්යය ශක්තිය නිපදෙවේ.මෙම
න්‍යෂ්ටික විලයන ප්‍රතික්රියවේදී ඝනත්වයෙන් අඩු මුලද්‍රව්‍යයක් වන හ්ය්ද්‍රජෝන්
පරමාණු න්යස්ටි දෙකක් එකතු වී හීලියම් පරමාණුක න්යස්ටියක් නිපදවේ .මෙහිදී හ්ය්ද්‍රජෝන්
පරමාණු න්යස්ටිහ්ය්ඩ් ස්කන්දයෙන් 0.7% චාලක ශක්තිය සහ විද්‍යුත් චුම්බක විකිරණ බවට
පත්වේ . මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය ප්‍රධාන ක්‍රමයන් දෙකකට සිදුවේ .ඉන් පළමු ආකාරය
ප්‍රෝටෝන-ප්‍රෝටෝන දාම ප්‍රතික්‍රියාවකි.දෙවන ආකාරය කාර්බෝන්-න්යිට්‍රජෝන් -ඔක්සිජන් වක්‍රය ලෙස
හැඳින්වේ.විද්‍යනයන් විසින් සකසා ඇති න්‍යායික ආදර්ශනයන් අනුව සූර්යය ස්කන්දය මෙන්
1.3 ගුණයක් ස්කන්දයක් ඇති තරුවල දෙවන ආකාරයෙන් සිදුවන න්‍යෂ්ටික
විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන ශක්තිය පළමු ආකාරයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන
ශක්තියට වඩා ප්‍රමුක වේ. අපගේ හිරුගේ ස්කන්දය සහ වයස අනුව පළමු ආකාරයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් ඇතිවන
ශක්තිය සහ දෙවන ආකාරයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා
මගින් ඇතිවන ශක්තිය අතර අනුපාතය 1:0.8 ක් පමණි. මෙම අනුපාතය
සූර්යාගේ වයස වැඩි වත්ම වෙනස්වේ.
![]() |
රුපය 1: අපගේ සූර්යයාගේ
සැකසුම
("Sun
poster" by Kelvinsong - Own work. Licensed under CC BY-SA 3.0 via Commons
-
https://commons.wikimedia.org/wiki/File:Sun_poster.svg#/media/File:Sun_poster.svg)
|
හරයට පිටතින් සූර්යය
විකිරණ කලාපය ( Radiative zone) පිහිටා ඇත . සූර්යයාගේ වැඩිම ප්‍රදේශයක පැතිරී ඇත්තේ මෙම කලාපයයි .
එහි දිග කිලෝමීටර ලක්ෂ 7 ක් පමණ වේ . සූර්යය හරයෙහි සිට මෙම විකිරණ කලාපය හරහා පිටතට
පැමිණෙන විට උස්ණත්වය කෙමින් අඩුවේ .මෙහි මායිමේ උෂ්ණත්වය සෙල්ෂියස් 500 000 පමණ
වේ . සූර්යය විකිරණ කලාපය සූර්යය මද්‍යයේ සිට මතුපිටට ඇති දුරින් 85 % කි . මෙම කලාපය හරහා ශක්තිය මාරු
වන්නේ තාප විකිරණ මගින් පමණි .සූර්යය හරයේ මතුපිට සිට විකිරණ කලාපයේ මතුපිටට
පැමිණෙන විට හිරුගේ ඝනත්වය සිය ගුණයකින් අඩුවේ .
සූර්යය විකිරණ කලාපය සහ
සංවහන කලාපය අතර ඇති ක්‍රාන්ති කලාපය තකෝ ක්ලයින් (Tachocline ) කලාපය ලෙස
හැදින්වේ .
විකිරණ කලාපයට පිටතින්
පිහිටා ඇත්තේ සංවහන කලාපයයි (convection
zone). මෙය හිරුගේ අපට ඇසට
පෙනෙන ප්‍රබා ගෝලය ( photosphere) දක්වා පැතිර ඇත . මෙය සංවහන කලාපය යනුවෙන් හඳුන්වන්නේ එය ඇත්තෙන්ම උදුනක
තැබූ ජල හැලියක් බඳු නිසාය . එනම් මෙම කලාපය හරහා සූර්යය ශක්තිය ගමන් කරන්නේ සංවහන
ධාරා ආදාරයෙනි . මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය 6000 C පමණ වේ. හිරු ලප දක්නට
ඇත්තේ ප්‍රබා ගෝලයේය. ප්‍රබා ගෝලය යනු , හිරු තම ආලෝකය සහ තාපය විදාරණය කරන සූර්යය
වායු ගෝලයේ ඇතුළතින්ම පිහිටි කොටසයි .
සූර්යය වායු ගෝලයේ ඊළඟ
කොටස වන්නේ වර්ණ ගෝලයයි (Chromosphere). මෙහි වායුන්
නිරන්තරයෙන් කැලබුනු තත්වයක පවතී. කිලෝමීටර 800 ක් තරම් දුර දිවෙන වේගවත් වායු
දාරා (spicules) මෙමකලාපයේ ඇත . මෙහි මද්‍යයේ
උෂ්ණත්වය 27800 c ක් පමණ වේ .
වර්ණ ගෝලයට ඔබ්බෙන් 2200000 C ක පමණ උෂ්ණත්වයෙන් යුතු සූර්යය කිරීටය (Corona) පිහිටා ඇත. මෙහි පරමාණු පිහිටන්නේ එකිනෙකාගෙන්
බෙහිවින් ඇත්වය. එනම් මෙම කලාපය හරහා යන හිරු කිරණ වලින් මිදීමට හැකි වුවහොත්
සීතලක් පවා දැනෙනු ඇත.කිරීටයේ සිට පිටතට යන විට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී යලි
වැඩි වී නැවතත් අඩුවේ . මෙසේ වීමට හේතුව තවමත් අබිරහසකි.

Comments
Post a Comment