සූර්යය සුළඟ
ඇතැම්
වල්ගා තරුවල වල්ගයේ හැසිරීම හිරුගෙන් හමා එන ආරෝපිත අංශු ප්‍රවාහයක් මගින්
පැහැදිලි කල හැකි බව 1951 තරම් ඈතකදී ඉඟි කර තිබුණි .නමුත් සූර්යය සුළගේ පැවැත්ම
නිශ්චිතවම හඳුනා ගැනුනේ 1962 දී සිකුරු වෙත යැවුණු ඇමෙරිකානු චන්ද්රිකාවකිනි .
පොලව වටා අවකාශය පුරා හමා යන ඒකාකාර ප්‍රෝටෝන ඉලෙක්ට්‍රොන සහ වෙනත් ආරෝපිත අංශු
වලින් සමන්විත වන වායු ප්‍රවාහයක් ඇති බව ඉන් සොයා ගැනිණි . පොලව අසලින් හමා යද්දී
සූර්යය සුළගේ වේගය පැයට කිලෝමෙටර මිලියන 1..6 -3.2
අතර අගයක් ගනී .ඇත්ත වශයෙන්ම සූර්යය සුළග මගින්
නියෝජනය වන්නේ හිරුගේ වායු ගෝලයේ අවසාන කොටසි .සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම
මෙම මේ වායු ගෝලය තුල ගිලී පවතී . සූර්යය සුළග උපදින්නේ හිරුගේ කිරීටයෙනි . එහි
කිරීටක සිදුරු (coronal Holes ) ලෙස හැදින්වෙන අඩු උෂ්ණත්ව සහ ඝනත්ව ඇති ප්‍රදේශ
වල සිට සූර්යය සුළගේ ඇති අංශුන්ගෙන් වැඩි කොටසක් පැමිණෙන්නේයැයි සැලකේ .
විශේෂයෙන්
හිරුගේ ධ්‍රැව පෙදෙස් ආශ්‍රිතව මෙම සිදුරු ඇතැයි සැලකේ .සූර්යය සුළග සමන්විත වන්නේ
ආරෝපිත අංශු ප්‍රවහයකිනි . මෙම ප්ලස්මාවෙහි ශක්තිය කිලෝ ඉලෙක්ට්‍රොන විබව (keV) 1.5 සහ 10 පමණ වන අතර මෙය ඉලෙක්ට්‍රොන ,
ප්‍රෝටෝන සහ ඇල්ෆා අංශු වලින් යුක්ත වේ . සූර්යය සුලගෙහි ඝනත්වය, උෂ්ණත්වය සහ වේගය
හිරුගේ දේශාංශය සහ කාලය අනුව වෙනස් වේ .මෙම සූර්යය සුලගෙහි ඇති අංශුන් වලට හිරුගේ ආකර්ෂණයෙන්
මිදීමට හැකිවන්නේ සූර්යය කිරීටයෙහි ඇති අධික උෂ්ණත්වය නිසා මෙයට ලැබී ඇති
ශක්තියත්, එහි ඇති චුම්බක, විද්‍යුත් සහ විද්‍යුත් චුම්බක සංසිද්ධියත් නිසාය .සූර්යය
සුළඟ හිරුගෙන් එපිටට විවිද වූ වේගයන්ගෙන් යුතු අතිධවනි තරංග ලෙස පිටවී යයි .මේවායේ
වේහය එය ආරම්භවූ තැන අනුව නිර්ණය වන අතර එය පැයට සැතපුම් මිලියනයක් පමණද විය හැක .හිරුගේ
සූර්යය සුළග ඉතා විශාලවූ ගෝලයක හැඩය ඇති අන්තස්තාරිය අවකාශයක් දක්වා විහිදී පවතී .
හිරුගෙන් පිටතට දික්වන ධුමකේතු වලිග ප්ලස්මයන්, පෘථිවියෙහි ඇති අවුරෝරා සහ භූ
චුම්බක කුණාටුන් ඇතිවන්නේ මෙම සූර්යය සුලග නිසාවෙනි .
අවුරෝරා
අදික වූ
ශක්තියක් ඇති සූර්යය සුළගින් පෘතුවිය ආරක්ෂා වනුයේ පෘථිවිය වටා වූ චුම්බක ක්ෂේත්‍රය
නිසාය .ප්‍රබල සූර්යය සුළං රැලි පෘතුවි චුම්බක ක්ෂේත්‍රය කෙරෙහි විවිද බලපෑම් ඇති
කරයි . මාලිමා කටු උමතුවෙන් මෙන් දෙපසට වැනිමත් , ගුවන් විදුලි පණිවුඩ හුවමාරු
අඩාල වීමටත් සූර්යය සුළගින් ඇතිවන චුම්බක සුළං හේතු වේ .මෙවන් චුම්බක සුළං පවතින
කාල වලදී පෘතුවි චුම්බක ක්ෂේත්‍රය උපයෝගී කොට ගනිමින් ගමන් මග සොයා ගන්නා පර්යටන කුරුල්ලන්
ඔවුන් සාමාන්‍යයෙන් වාර්තා නොවෙන පෙදෙස් වලින් වාර්තා වන්නට පටන් ගනී .
සූර්යය
සුළගේ ඇදි එන ආරෝපිත අංශු පෘතුවි චුම්බක බල රේඛා දිගේ ධ්‍රැව ප්‍රදේශ වලට ඇදි යයි .
ඒවා වායු ගෝලයේ ඇති නයිට්‍රජන් සහ ඔක්සිජන් අනු සමග ගැටුණු විට උතුරු සහ දකුණු ධ්‍රැව
ආශ්‍රිත අහසේ ඉතා විසිතුරු දසුන් මැවේ . උත්තරාලෝකය සහ දක්ෂිනාලෝකය (අවුරෝරවන් )
ලෙස මේ සංසිද්ධීන් හැඳින්වේ . පෘතුවියෙහි උප ග්‍රහයා සතුව වායු ගෝලයක් හෝ චුම්බක
ක්ෂේත්‍රයක් නොපවතී . එමනිසා එහි මතුපිට නිරන්තරයෙන් මෙම සූර්යය සුලගෙහි බැට කෑමට
හසු වේ . සද මත පතිතවූ ඇපලෝ යානාවෙන් එකුතුකරගත් සදෙහි පාෂාණ සාම්පල වල බොහොමයක්
පරමාණුක න්‍යෂ්ටින් දක්නට ලැබෙන්නේ මෙම හේතුවෙනි .

Comments
Post a Comment