Skip to main content

සූර්යය ගිනි දැල් (solar flares )


සුර්යය ගිනි දැල් පෘතුවියෙහි චුම්බක ක්ෂේත්‍රය සමග සම්බන්ද වන අයුරු 

සූර්යය ගිනිදැල් යනු ඉතා ක්ෂණයකින් සූර්යයාගේ මතුපිට ඇතිවන් අදික දීප්තියකින් යුතුව දක්නට ලැබෙන සංසිද්ධියකි .මේවා ඇතිවී නැතිවන කාල පරාසය මිනිත්තු 20 ක් උපරිමයක් පමණ වේ. මෙම ගිනිදැල් මගින් මුදාහරින ශක්තිය මෙගා ටොන් 100 හයිඩ්‍රජන් බෝම්බ මිලියනයක් ස්ඵෝටන වීමේදී මුදා හරින ශක්තියට සමාන වේ .සූර්යය ගිනිදැල් මගින් ඉලෙක්ට්‍රොන , අයන  සහ පරමාණු රාශියක් සූර්යය කිරීටය හරහා අවකාශයට නිකුත් කෙරෙන අතර මේවා පෘතුවියට පැමිණීමට ගත වන කාලය දිනයක් හෝ දෙකක් පමණි.මෙම ශක්ති තරංග සංඛ්‍යාතයන් දෘෂ්ටි පරාසයෙන් ඔබ්බෙහි වනනිසා සූර්යය ගිනිදැල් පියවි ඇසින් බලා ගත නොහැක . 

මේවා අද්‍යනය කිරීම සදහා සුවිශේස වූ උපකරණ සකසා ඇත. සූර්යය ගිනිදැල් සඳහා ජවය ලැබෙනුයේ සූර්යය කිරීටය තුලින් ක්ෂණයකින් ( මිනිත්තු 1 ත් 10 ත් කාල පරාසයක ) නිකුත් වන සූර්යය චුම්බක ශක්තියයි. සූර්යය ගිනිදැල් සමග නිකුත් වන X - කිරණ සහ පාර ජම්බුල විකිරණ පෘතුවි අයන ගෝලයට බලපෑම් ඇති කරන අතර දීර්ඝ පරාස රේඩියෝ විනැවුම වලට අහිතකර ලෙස බාධා ඇතිකරයි .1859 දී ප්‍රථම වරට විද්‍යන්යින් දෙදෙනෙකු විසින් සූර්යය ගිනිදැල් නිරීෂණය කර ඇත්තේ හිරුලප පන්තියක මද්‍යයේ ස්ථාන ගත වූ දෘශ්‍යමාන දීප්ත කලාප ලෙසය . සූර්යය ගිනිදැල් වලට ජවය සපයන්නේ සූර්යය චුම්බක ශක්තිය වුවත් මෙම ශක්තිය අංශුක චාලක ශක්තිය බවට පත්වී මෙගා ඉලෙක්ටෝර්න් වෝල්ට් 10 ක් පමණවූ අංශුක ශක්තියකට ත්වරණය වන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත .

රුපය 1 : Solar Dynamics Observatory නම් වූ ඇමරිකානු චන්ද්‍රිකාවක් මගින් අසු කරගත් සූර්යය ගිනිදැල් වල ජයාරුපයකි . 

Comments