තම ඉලෙක්ට්‍රොන ඇගලුම්
ගලවා දමාගත් නිරුවත් පරමාණු න්‍යෂ්ටි වලින් හිරු අබ්යන්තරය සමන් විත වේ. සූර්යය
අබ්යන්තරයේ සිදුවන න්‍යයෂ්ටික විලයනයේ ශක්තිය රැගෙන යන විද්‍යුත් චුම්බක තරංග සමග
මෙම පරමාණු න්‍යෂ්ටි බරපතල ගනුදෙනුවක නිරත වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස සූර්ය ආලෝක
ශක්තිය එහි අබ්යන්තරයේ සිට මතුපිට පැමිණීමට ප්‍රමාද වේ.
ක්වන්ටම් භවුතික විද්‍යාවට
අනුව විද්‍යුත් චුම්බක තරංග වල ගමන් කිරීම සිදුවන්නේ ෆෝටෝන (Photons) නමැති අංශුන්
විශේෂයක් මගිනි. සූර්යය හරයේ සිදුවන න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා වලින් උපත ලබන ෆෝටෝන
වන්නේ ගැමා කිරණයි .මෙම ගැමා කිරණ හිරු මද්‍යයේ ඇති ආරෝපිත අංශු සමග ප්‍රතික්‍රියා
කොට එහි තිබු ශක්තිය එක්ස් කිරණ ලෙස නැවත පිට කරයි. සියලුම එක්ස් කිරණ ආලෝකයේ වේගයෙන් ගමන් කලද එක් වැදගත් හේතුවක් නිසා ඒවා
සූර්යයා මතුපිටට ඇදී යාම සිදුවනනේ ඉතා සෙමිනි. සූර්ය හරයෙන් නික්මුණු ෆෝටෝන සූර්යය
මතුපිට ඇති ආරෝපිත අංශු සමග ප්‍රතික්‍රියා කර ප්‍රකිරණ ඇතිකරයි . මෙම ප්‍රකිරණ
වල ගමන් මාර්ගය ඕනෑම වූ දිශාවක් ඔස්සේ විය හැක . ඇතැම් විට මෙම දිශාව ෆෝටෝන පැමිණි
දිශාවට ආප්පසට වුවද විය හැක.මෙහි ප්‍රතිපලයක් ලෙස ෆොටෝනය ආරෝපිත අංශු කලාපය තුල
අහඹු ලෙස ඔබ මොබ ගමන් කරයි . මෙය විද්‍යාවේදී හැඳින්වෙන්නේ ‘අහඹු ඇවිදීම ‘ (Random
Walk ) ලෙසයි . මෙම ඉබාගාතේ ඇවිදීමේ එක පියවරක දුර අසන්න වශයෙන් සෙන්ටිමීටරයක්
පමණවේ .
සූර්යය මද්‍යයේ සිට මතුපිට දක්වා පැමිණෙන මෙම ෆෝටෝන එකම සරල රෙකාවක වූ යේ
නම් මෙම ශක්ති ෆෝටෝන තත්පර 2.5 ක තරම් සුළු කාලයක් තුල සූර්යයා මතුපිටට පැමිණෙනු
ඇත.නමුත් මේ සඳහා ගතවන නියම කාලය වසර මිලියන 10 කි . ආලෝකය වේගයෙන් සිදුවන මෙම
අහඹු ඇවිදීමේ ප්‍රතිපලයක් ලෙස, අද අප සූර්යයා මතුපිටින් දිස්වන සූර්යය ආලෝකය සූර්යය
හරය තුලින් නිකුත් වී ඇත්තේ මීට වසර මිලියන 10 කට එපිටදීය . වෙනත් අකාරයකින්
කිවහොත් සූර්යයා මතුපිට දෙස බැලීමෙන් පමණක් සූර්යයා තවමත් ශක්තිය නිපදවමින්
සිටින්නේදැයි අපට කිව නොහැක .කෙසේ වුවද විකිරණ කලාපයේ සිට පිටතට යනවිට ආරෝපිත අංශු
ඝනත්වය සහ උස්ණත්වය ක්‍රමයෙන් අඩුවේ .මේ නිසා ෆෝටෝන සතු ශක්තියද ක්‍රමයෙන්
අඩුවීමෙන් කලින් සදහන් කල අතර මද පමා වීඅම අඩුවේ .
සංවහන කලාපයේදී ෆෝටෝන විසින්
ගෙන ආ ශක්තිය එහි ඇති ද්‍රව්‍ය මගින් සංවහන ධාරා ලෙස සූර්යයයා මතුපිටට ගෙන එනු ලබයි
. මෙම කලාපයේදී කලින් පැවිති ආලෝකයේ වේගය නොමැති වුවත් ඉබාගාතේ යමකින් තොරව පැයට
කිලෝමීටර 75 ක වේගයකින් ගමන් කොට දින 90 කදී සූර්යයා මතුපිටට ළඟා වීමට සූර්යය
ශක්තිය සමත් වේ . හිරු මතුපිට ප්‍රබා ගෝලයේ ඝනත්වය ජලයේ ඝනත්වයෙන් මිලියනයෙන්
පංගුවකටත් වඩා කුඩාය . මෙම තත්වයන් යටතේ කිසිදු බාධාවකින් තොරව ආලෝක ශක්ති ෆෝටෝන
සූර්යය ග්‍රහ මණ්ඩයේ දසතට විසිරී යයි.

Comments
Post a Comment