Skip to main content

Posts

සූර්යය ආකර්ෂණ ශක්තිය

සෞර ග්‍රහ මණ්ඩලයේ අඩංගු මුලද්‍රව්‍ය ප්‍රමාණයෙන් 99.8% ක් ම ඇත්තේ සූර්යයාඅ සතුවය. එහි ස්කන්දය පෘතුවියේ ස්කන්දය මෙන් 333000 වාරයක් යැයි  ගණන් බලා තිබේ. මේ ප්‍රමාණය සෞර ග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයා ලෙස සැලකෙන බ්‍රහස්පති ගේ ස්කන්දය මෙන් 1047 ගුණයකි . හිරුගේ ස්කන්දය මෙතරම් අති විශාල අගයක් ගැනීම නිසා එහි මතුපිට බලපවත්නා ගුරුත්වාකර්ෂණ බලපෑම ද අති විශාලය . සූර්යයා මත බලපවත්වන ගුරුත්වාකර්ෂණ බලය පොලව මතුපිට ගුරුත්වාකර්ෂණ බලය මෙන් 28 ගුණයකි . එම නිසා පොලාවේදී Kg 45 ක් බර මිනිසෙකු හිරු මතුපිටදී Kg 1270 ක් බර වනු  ඇත්තේය. සූර්යයා තමා වටා ගමන් කරන ග්‍රහලෝක , ග්‍රාහක ,දුමකේතු ආදී වස්තුන් අල්ලා බැඳ තබාගෙන ඇත්තේ මෙම දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයේ උපකාරයෙනි . සූර්යය ගුරුත්ව බලය කෙතරම් විශාලද යත් එමගින් සූර්යයා තැනී ඇති වායුන්ද එහි මද්‍යය දෙසට ඇද ගනී . මෙම වායුන් අදික උණුසුමින් සහ පිඩනයකින් යුතුව දිගටම ප්‍රසාරණය වන්නට උත්සාහ නොකරන්නට සූර්යයාගේ හැඩය එහි ගුරුත්වය විසින්ම බිඳ දමනු නිසැකය . ඇත්ත වශයෙන්ම සූර්යයාගේ හැඩය සහ ප්‍රමාණය තිබෙන තත්වයේම රැඳී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යය කේන්ද්‍රයේ එල්ලයේ ඇත...

ශක්තියේ උල්පත

අදින් වසර  සියයකට පමණ එපිටදී හිරුගෙන් තාපය පිටවන්නේ කෙසේදැයි කිසුවෙකු දැන සිටියේ නැත .නමුත් පරිණාම වාදයේ සහ භුගර්බ විද්‍යාවේ ඒ වන විට සිදුව තිබු නැගීම හිරු කිරණ සඳහා ඉතා දිගු ඉතිහාසයක් ඉල්ලා සිටියේය . 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කල විශේෂ සාපේක්ෂතා වාදය මගින් ස්කන්දයත් ශක්තියත් යනු එකම කාසියේ දෙපැත්ත බව පෙන්වා දීමත් , 1920 දී බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යයයකු වූ ආතර් එධන්ට්  න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා මගින් හිරු තුල ශක්තිය උපදවන බවට අදහසක් ඉදිරිපත් කිරීමත් සූර්යයා තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ කතාන්දරයේ මග සලකුණු ලෙස සැලකිය හැක  . නමුත් 1930 ගණන් වන තුරුම හිරු තුල සිදුවන සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කවරෙක්දැයි යන්තමින් වත් අවබෝධ කර ගත නොහැකි විය . හිරු තැනී ඇත්තේ කවර ද්‍රව්‍යයන්ගෙන්ද යන්න පිලිබඳ තාරකා විද්‍යන්යින් අතර තිබු අත්භූත අදහස් මෙයට කෙලින්ම බලපෑවේය .හිරු යනු යෝධ ගිනිගෙන දැවෙන යකඩ ගොලයකයි ඔවුහු සිතා සිටියහ . සූර්යයා තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හඳුනා ගැනුනේ 1938 දිය . එහි ගව්රවය හිමිවන්නේ ජර්මන් ජාතික කාල් ෆෝන...

හිරුගේ රහස් රැගෙන මෙහි එන අංශුව

මෑතක් වන තුරුම හිරුහේ අභ්‍යන්තරය පිළිබඳව අප දන්නා සියල්ලම දැන ගත්තේ එහි මතුපිට ප්‍රභා ගෝලය හැදෑරීමෙනි . නමුත් ඉන් අපට දැන ගත හැක්කේ සූර්යය හරය අදින් වසර මිලියන 10 කට එපිට කරන්නට ඇත්තේ කුමක්ද යන්න පමණි . හිරු අභ්‍යන්තරය ට එබී බැලීමේ නව උපක්‍රම වල අවශ්‍යතාව මෙනිසා කලක සිටම දැනී තිබුණි. 70 සහ 80 දශක වලදී දියුණු කල උපක්‍රම දෙකක් තාරකා විද්‍යානයින්ගේ පිහිටට පැමිණ තිබේ. ඉන් පළමුවැන්න මගින් හිරුගේ හරය තුල මේ මොන්හොතේ වන්නේ කුමක්දැයි දැන ගැනීමට උදව්වුවේ . එය පදනම් වී ඇත්තේ සූර්යයාගෙන් නික්මෙන නියුට්‍රිනෝව අංශු හඳුනා ගැනීම උඩය . ප්‍රෝටෝන මෙන් නොව අවට ඇති ආරෝපිත අංශු සමග කිසිදු ගනුදෙනුවකින් තොරව හිරු මතුපිටින් නික්ම යාමට නියුට්‍රිනෝව සමත්ය . නියුට්‍රිනෝව ක ස්කන්ද්යක් මෙන්ම ආරෝපනයක් නැතැයි විශ්වාස කරන අතර ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරතයි සැලකේ . හිරුගෙන් නික්මෙන නියුට්‍රිනෝවක් අල්ලා ගැනීම ඉතා අපහසු කාර්යයකි . ඒ සඳහා ප්ර්ක්ලොරෝ එතිලින් නම් ද්‍රව්‍ය පිරවූ යෝධ පිහිනුම් තටාකයක් තරම් වූ ටැංකියක් යොදා ගැනේ . මේ ආකාරයෙන් අල්ලා ගන්නා නියුට්‍රිනෝව සංඛ්‍යාව කාලයත් සමග ඒකාකාරව පැවතියද පුදුමයකට ම...

සූර්යය ගිනි ආරුක්කු (solar prominences )

සූර්යය ගිනි ආරුක්කු යනු සූර්යය මතුපිට සිට තොණ්ඩු වක ආකාරයෙන් පිටතට විහිදෙන විශාල දීප්තිමත් වායුමය අකාරයකි . මේවා සූර්යය ප්‍රබා ගෝලය තුල සූර්යයාට ඈඳු ඇති අතර සූර්යය කිරීටය දෙසට දිගුවී පවතී. සූර්ය කිරීටය සමන්විත වන්නේ ප්ලාස්මා නමින් හැදින්වෙන ඉතා අදික උෂ්නත්වයෙන් යුතු අයනිකෘත වායුන් ගෙන් වන අතර සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ සූර්යය වර්ණ ගෝලය හා සමාන සංයුතියකින් යුතු වඩාත් උෂ්ණත්වයෙන් අඩු ප්ලාස්මා වකිනි .මේවා ඇතිවීමට ගතවන කාල පරාසය දිනයක් පමණ වන අතර ස්ථායි සූර්යය ගිනි අරුක්කුවක් මාස කිහිපයක් පවා සූර්ය කිරීටය තුල පවතී .සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ ප්ලාස්මා නමින් හැදින්වෙන අයනිකෘත හයිඩ්‍රජන් සහ හීලියම් වායුන්ගෙනි . දැනට වාර්තා වන විශාලම සූර්යය ගිනි ආරුක්කුවේ දිග කිලෝමීටර 800 000 වන අතර එය සූර්යයාගේ අරයට සමාන වේ . ඇතැම් ගිනි ආරුක්කු ඉතා ජවසම්පන්න වන අතර මේවා මගින් සූර්යය පදාර්ථයන් තත්පරයට කිලෝමීටර 600- 1000 වේගයකින් අජටකාශයට මුදා හැරේ . රුපය 1 : අදික පාරජම්බුල විකිරණ තත්වයන් යටතේ 2010 මාර්තු 30 වන දින නසා ආයතනය මගින් අසු කරගත් සූර්යය ගිනි ආරුක්කු වල ජයාරුපයකි 

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යය ගිනි දැල් (solar flares )

සුර්යය ගිනි දැල් පෘතුවියෙහි චුම්බක ක්ෂේත්‍රය සමග සම්බන්ද වන අයුරු  සූර්යය ගිනිදැල් යනු ඉතා ක්ෂණයකින් සූර්යයාගේ මතුපිට ඇතිවන් අදික දීප්තියකින් යුතුව දක්නට ලැබෙන සංසිද්ධියකි .මේවා ඇතිවී නැතිවන කාල පරාසය මිනිත්තු 20 ක් උපරිමයක් පමණ වේ. මෙම ගිනිදැල් මගින් මුදාහරින ශක්තිය මෙගා ටොන් 100 හයිඩ්‍රජන් බෝම්බ මිලියනයක් ස්ඵෝටන වීමේදී මුදා හරින ශක්තියට සමාන වේ .සූර්යය ගිනිදැල් මගින් ඉලෙක්ට්‍රොන , අයන  සහ පරමාණු රාශියක් සූර්යය කිරීටය හරහා අවකාශයට නිකුත් කෙරෙන අතර මේවා පෘතුවියට පැමිණීමට ගත වන කාලය දිනයක් හෝ දෙකක් පමණි.මෙම ශක්ති තරංග සංඛ්‍යාතයන් දෘෂ්ටි පරාසයෙන් ඔබ්බෙහි වනනිසා සූර්යය ගිනිදැල් පියවි ඇසින් බලා ගත නොහැක .  මේවා අද්‍යනය කිරීම සදහා සුවිශේස වූ උපකරණ සකසා ඇත. සූර්යය ගිනිදැල් සඳහා ජවය ලැබෙනුයේ සූර්යය කිරීටය තුලින් ක්ෂණයකින් ( මිනිත්තු 1 ත් 10 ත් කාල පරාසයක ) නිකුත් වන සූර්යය චුම්බක ශක්තියයි. සූර්යය ගිනිදැල් සමග නිකුත් වන X - කිරණ සහ පාර ජම්බුල විකිරණ පෘතුවි අයන ගෝලයට බලපෑම් ඇති කරන අතර දීර්ඝ පරාස රේඩියෝ විනැවුම වලට අහිතකර ලෙස බාධා ඇතිකරයි .1859 දී ප්‍රථම වරට විද්‍යන්ය...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....