සෞර ග්‍රහ මණ්ඩලයේ අඩංගු මුලද්‍රව්‍ය ප්‍රමාණයෙන් 99.8% ක් ම ඇත්තේ
සූර්යයාඅ සතුවය. එහි ස්කන්දය පෘතුවියේ ස්කන්දය මෙන් 333000 වාරයක් යැයි ගණන් බලා තිබේ. මේ ප්‍රමාණය සෞර ග්‍රහ මණ්ඩලයේ
යෝධ ග්‍රහයා ලෙස සැලකෙන බ්‍රහස්පති ගේ ස්කන්දය මෙන් 1047 ගුණයකි . හිරුගේ ස්කන්දය
මෙතරම් අති විශාල අගයක් ගැනීම නිසා එහි මතුපිට බලපවත්නා ගුරුත්වාකර්ෂණ බලපෑම ද අති
විශාලය . සූර්යයා මත බලපවත්වන ගුරුත්වාකර්ෂණ බලය පොලව මතුපිට ගුරුත්වාකර්ෂණ බලය
මෙන් 28 ගුණයකි . එම නිසා පොලාවේදී Kg 45 ක් බර මිනිසෙකු හිරු මතුපිටදී Kg 1270 ක්
බර වනු ඇත්තේය. සූර්යයා තමා වටා ගමන් කරන
ග්‍රහලෝක , ග්‍රාහක ,දුමකේතු ආදී වස්තුන් අල්ලා බැඳ තබාගෙන ඇත්තේ මෙම දැවැන්ත
ගුරුත්වාකර්ෂණ බලයේ උපකාරයෙනි . සූර්යය ගුරුත්ව බලය කෙතරම් විශාලද යත් එමගින්
සූර්යයා තැනී ඇති වායුන්ද එහි මද්‍යය දෙසට ඇද ගනී . මෙම වායුන් අදික උණුසුමින් සහ
පිඩනයකින් යුතුව දිගටම ප්‍රසාරණය වන්නට උත්සාහ නොකරන්නට සූර්යයාගේ හැඩය එහි
ගුරුත්වය විසින්ම බිඳ දමනු නිසැකය . ඇත්ත වශයෙන්ම සූර්යයාගේ හැඩය සහ ප්‍රමාණය තිබෙන
තත්වයේම රැඳී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යය කේන්ද්‍රයේ එල්ලයේ ඇති කරන
බලයත් අදික පීඩනය ප්‍රසාරණය වන වායුන් අතරත් ඇතිවූ සමතුලිත තාවයෙනි .
සූර්යයාගේ
සිට ඇති දුර අනුව යම්කිසි වස්තුන් මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වන බව
අය්සෙක් නිවුටන් නමැති විද්‍යනයා විසින් මීට වසර 300 කට පමණ පෙර සොයා ගෙන ඇත .සූර්යයා
සහ වස්තුව අතර ඇති දුර r නම් සූර්යයා මගින් එම වස්තුව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ
බලය (F) පහත සඳහන් සමීකරණයට
අනුව දුරෙහි වර්ගයට අනුලෝමව සමානුපාතික වේ .
F α 1/(r2 ) . (1)
සූර්යයා සහ පෘතුවිය අතර ඇති දුර අනුව සූර්යයා මගින් පෘථිවිය මත කරන ගුරුත්වාකර්ෂණ
බලය පෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් 0.0006 ගුණයෙකි. මේ නිසා පෘථිවියට සූර්යයාගේ ග්‍රහණයට
හසු නොවන ලෙස තමා වටා බ්‍රමණය වන චන්ද්‍රයෙකු තබා ගත හැක .
![]() |
රූපය : විශ්ව චිත්‍ර කලාව භාවිතා කොට චිත්‍රයට නගන ලද ‘Blue doom’ නැමති සංකල්පය
|

Comments
Post a Comment