Skip to main content

ශක්තියේ උල්පත

අදින් වසර  සියයකට පමණ එපිටදී හිරුගෙන් තාපය පිටවන්නේ කෙසේදැයි කිසුවෙකු දැන සිටියේ නැත .නමුත් පරිණාම වාදයේ සහ භුගර්බ විද්‍යාවේ ඒ වන විට සිදුව තිබු නැගීම හිරු කිරණ සඳහා ඉතා දිගු ඉතිහාසයක් ඉල්ලා සිටියේය .1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කල විශේෂ සාපේක්ෂතා වාදය මගින් ස්කන්දයත් ශක්තියත් යනු එකම කාසියේ දෙපැත්ත බව පෙන්වා දීමත් , 1920 දී බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යයයකු වූ ආතර් එධන්ට්  න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා මගින් හිරු තුල ශක්තිය උපදවන බවට අදහසක් ඉදිරිපත් කිරීමත් සූර්යයා තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ කතාන්දරයේ මග සලකුණු ලෙස සැලකිය හැක  . නමුත් 1930 ගණන් වන තුරුම හිරු තුල සිදුවන සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කවරෙක්දැයි යන්තමින් වත් අවබෝධ කර ගත නොහැකි විය . හිරු තැනී ඇත්තේ කවර ද්‍රව්‍යයන්ගෙන්ද යන්න පිලිබඳ තාරකා විද්‍යන්යින් අතර තිබු අත්භූත අදහස් මෙයට කෙලින්ම බලපෑවේය .හිරු යනු යෝධ ගිනිගෙන දැවෙන යකඩ ගොලයකයි ඔවුහු සිතා සිටියහ .

සූර්යයා තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හඳුනා ගැනුනේ 1938 දිය . එහි ගව්රවය හිමිවන්නේ ජර්මන් ජාතික කාල් ෆෝන් වෙයිස්කාර් හා ඇමරිකන් ජාතික බෙන් ටය . කෙසේ වුවද 1950 ගණන් වන තුරුම මෙය සදහා විවිද මත තිබුණි . අවසානයේ හයිඩ්‍රජන් පරමාණු එකට එක්වී හීලියම් පරමාණු ගොඩ නැගීමෙන් හිරු තුල න්‍යෂ්ටික විලයනය සිදුවන බව පිළිගැණුනි .එහෙත් සැබවින්ම සිදුවන ක්‍රියාවලිය ඊට වඩා මදක් සංකීර්ණය . සූර්යය නයස්ටික විලයනයේ ප්‍රධාන ප්‍රතික්‍රියාව හැදින්වෙන්නේ ප්‍රෝටෝන-ප්‍රෝටෝන (p –p ) දාම ප්‍රතික්‍රියාව ලෙසිනි .එය ආරම්බ වන්නේ ප්‍රෝටෝන  ( ඉලෙක්ට්‍රොන ගැලවී ගිය H 2 න්‍යෂ්ටි ) දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙනි . ගැටීමෙන්  ඩියුටිරියම් න්‍යෂ්ටියක් (ධියුටෙරෝනයක් ) උපදින අතර න්යුට්‍රිනොවක් සහ පොසිට්‍රොනයක්ද නිකුත් වෙයි . මෙසේ තැනුණු ඩියුටිරියම් න්‍යෂ්ටියට තවත් ප්‍රෝටෝනයක් එක්වීමෙන් හීලියම් - 3 නම් හීලියම් මුලද්‍රව්‍යයේ අඩු බර සමස්ථානික න්‍යෂ්ටිය තැනෙයි . ප්‍රතික්‍රියාවේ අවසාන පියවර වන්නේ මේ අකාරයේ  හීලියම් - 3 න්‍යෂ්ටි දෙකක් එක්වීමයි . ඉන් ස්ථායි හීලියම් - 4 න්‍යෂ්ටියක් නිපදවෙන අතර අමතර ප්‍රෝටෝන 2 ක්ද ප්‍රතිඵලය වේ . ප්‍රතික්‍රියාවෙන් හට ගැනෙන ඵලවල ස්කන්දය ඊට සහභාගී වූ අමුද්‍රව්‍යවල බරට වඩා අඩුවේ . ශක්තිය බවට පත්වන්නේ මේ අතුරුදහන් වූ ස්කන්දයයි . හීලියම් න්‍යෂ්ටියක් තැනෙන සැම වාරයක් පාසාම එහි තැනීමට මුල්වුණ ප්‍රෝටෝන වල ස්කන්දයෙන් 0.7 % පමණි ශක්තිය බවට පෙරලෙන්නේ . මේ සියල්ල සිදුවන්නේ අපට එදිනෙදා හුරු පුරුදු වටපිටාවක නොවේ සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන 15 ක උෂ්ණත්වයකදී සහ ඊයම් වල මෙන් 12 ගුණයක ඝනත්වයක් ඇති තැනකදිය .

මෙම න්‍යෂ්ටියක ප්‍රතික්‍රියාවේ ඉතාමත් සිත් ගන්නා සුළු තවත් ලක්ෂණ කීපයක්ම තිබේ . එහි පළමු වැන්න නම් මෙතරම් අදික උෂ්ණත්වයකදී සහ පිඩනයකදී වුවද ප්‍රතික්‍රියාව අරබන ප්‍රෝටෝන - ප්‍රෝටෝන අන්තර් ක්‍රියාව සිදුවන්නේ එක් ප්‍රෝටෝනයක් සාමන්‍යය ප්‍රෝටෝනයක් ගමන් කරන වේගය මෙන් 5 ගුණයක වේගයකින් ගමන් කළහොත් පමණක් වීමයි . තාරකා විද්‍යන්‍යායන්ගේ ගණනය කිරීම් වලට අනුව හිරු තුල ඇති ප්‍රෝටෝන මිලියන සියයට එකක් පමණි මේ වේගයෙන් ගමන් කරන්නේ . ඇත්ත වශයෙන්ම ඩියුටිරියම් න්‍යෂ්ටියක් බවට හැරීම සදහා ගැලපෙන ප්‍රෝටෝනයක් සොයා ගැනීමට හිරු තුල වෙසෙන ප්‍රෝටෝනයකට සාමාන්‍යයෙන් වසර මිලියන 14 ක් වත් බලා සිටීමට සිදුවේ . හිරුගේ වයස තවමත් අවුරුදු බිලියන 14.5 ක් පමණි .ඉදින් තවමත් හිරු තුල ඇති බහුතරයක් ප්‍රෝටෝන වලට සහකරුවකු සොයා ගැනීමට හැකි නොවීම පුදුමයට කරුණක් නොවේ.

මේ වන විටත් සූර්යයා විලයනයෙන් දවා ඇත්තේ හිරු උපත ලබන දා ලැබූ හයිඩ්‍රජන් තොගයෙන් 4% ක් තරම් සුළු සංඛ්‍යාවකි . 

රූපය: Max Plank විද්‍යාස්ථානයහි විද්‍යානයින් පිරිසක් විසින්  සූර්යයා තුල සිදුවන න්‍යයෂ්ටික ප්‍රතික්‍රියාව අනුකරණය කිරීමට, ස්වල්ප ප්‍රමාණයක් හයිඩ්‍රජන් අදික උෂ්ණත්වයකට ලක් කිරීමේදී ඇතිවූ ප්ලස්මාවක 2016 දී ගත් චයාරූපයකි (A step closer to limitless energy: Test confirms Germany’s ‘star in a jar’  nuclear fusion reactor really works . http://www.dailymail.co.uk/sciencetech/article-4004972/A-step-closer-LIMITLESS-energy-Tests-confirm-Germany-s-star-jar-nuclear-fusion-reactor-really-works.html)

Comments

Popular posts from this blog

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....