අදින්
වසර සියයකට පමණ එපිටදී හිරුගෙන් තාපය
පිටවන්නේ කෙසේදැයි කිසුවෙකු දැන සිටියේ නැත .නමුත් පරිණාම වාදයේ සහ භුගර්බ විද්‍යාවේ
ඒ වන විට සිදුව තිබු නැගීම හිරු කිරණ සඳහා ඉතා දිගු ඉතිහාසයක් ඉල්ලා සිටියේය .1905
දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කල විශේෂ සාපේක්ෂතා වාදය මගින් ස්කන්දයත්
ශක්තියත් යනු එකම කාසියේ දෙපැත්ත බව පෙන්වා දීමත් , 1920
දී බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යයයකු වූ ආතර් එධන්ට් න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා මගින් හිරු තුල ශක්තිය
උපදවන බවට අදහසක් ඉදිරිපත් කිරීමත් සූර්යයා තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය අවබෝධ
කර ගැනීමේ කතාන්දරයේ මග සලකුණු ලෙස සැලකිය හැක . නමුත් 1930 ගණන් වන තුරුම හිරු තුල සිදුවන සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කවරෙක්දැයි යන්තමින් වත් අවබෝධ කර ගත නොහැකි විය . හිරු තැනී ඇත්තේ
කවර ද්‍රව්‍යයන්ගෙන්ද යන්න පිලිබඳ තාරකා විද්‍යන්යින් අතර තිබු අත්භූත අදහස් මෙයට
කෙලින්ම බලපෑවේය .හිරු යනු යෝධ ගිනිගෙන දැවෙන යකඩ ගොලයකයි ඔවුහු සිතා සිටියහ .
සූර්යයා
තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හඳුනා ගැනුනේ 1938 දිය
. එහි ගව්රවය හිමිවන්නේ ජර්මන් ජාතික කාල් ෆෝන් වෙයිස්කාර් හා ඇමරිකන් ජාතික බෙන්
ටය . කෙසේ වුවද 1950
ගණන් වන තුරුම මෙය සදහා විවිද මත තිබුණි . අවසානයේ හයිඩ්‍රජන් පරමාණු එකට එක්වී
හීලියම් පරමාණු ගොඩ නැගීමෙන් හිරු තුල න්‍යෂ්ටික විලයනය සිදුවන බව පිළිගැණුනි .එහෙත්
සැබවින්ම සිදුවන ක්‍රියාවලිය ඊට වඩා මදක් සංකීර්ණය . සූර්යය නයස්ටික විලයනයේ ප්‍රධාන
ප්‍රතික්‍රියාව හැදින්වෙන්නේ ප්‍රෝටෝන-ප්‍රෝටෝන (p –p ) දාම ප්‍රතික්‍රියාව ලෙසිනි
.එය ආරම්බ වන්නේ ප්‍රෝටෝන ( ඉලෙක්ට්‍රොන
ගැලවී ගිය H 2 න්‍යෂ්ටි
) දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙනි . ගැටීමෙන් ඩියුටිරියම් න්‍යෂ්ටියක් (ධියුටෙරෝනයක් ) උපදින
අතර න්යුට්‍රිනොවක් සහ පොසිට්‍රොනයක්ද නිකුත් වෙයි . මෙසේ තැනුණු ඩියුටිරියම් න්‍යෂ්ටියට
තවත් ප්‍රෝටෝනයක් එක්වීමෙන් හීලියම් - 3 නම් හීලියම් මුලද්‍රව්‍යයේ අඩු බර
සමස්ථානික න්‍යෂ්ටිය තැනෙයි . ප්‍රතික්‍රියාවේ අවසාන පියවර වන්නේ මේ අකාරයේ හීලියම් - 3 න්‍යෂ්ටි දෙකක් එක්වීමයි . ඉන්
ස්ථායි හීලියම් - 4 න්‍යෂ්ටියක්
නිපදවෙන අතර අමතර ප්‍රෝටෝන 2 ක්ද
ප්‍රතිඵලය වේ . ප්‍රතික්‍රියාවෙන් හට ගැනෙන ඵලවල ස්කන්දය ඊට සහභාගී වූ අමුද්‍රව්‍යවල
බරට වඩා අඩුවේ . ශක්තිය බවට පත්වන්නේ මේ අතුරුදහන් වූ ස්කන්දයයි . හීලියම් න්‍යෂ්ටියක්
තැනෙන සැම වාරයක් පාසාම එහි තැනීමට මුල්වුණ ප්‍රෝටෝන වල ස්කන්දයෙන් 0.7 % පමණි
ශක්තිය බවට පෙරලෙන්නේ . මේ සියල්ල සිදුවන්නේ අපට එදිනෙදා හුරු පුරුදු වටපිටාවක
නොවේ සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන 15 ක උෂ්ණත්වයකදී සහ ඊයම් වල මෙන් 12 ගුණයක
ඝනත්වයක් ඇති තැනකදිය .
මෙම
න්‍යෂ්ටියක ප්‍රතික්‍රියාවේ ඉතාමත් සිත් ගන්නා සුළු තවත් ලක්ෂණ කීපයක්ම තිබේ . එහි
පළමු වැන්න නම් මෙතරම් අදික උෂ්ණත්වයකදී සහ පිඩනයකදී වුවද ප්‍රතික්‍රියාව අරබන ප්‍රෝටෝන
- ප්‍රෝටෝන අන්තර් ක්‍රියාව සිදුවන්නේ එක් ප්‍රෝටෝනයක් සාමන්‍යය ප්‍රෝටෝනයක් ගමන්
කරන වේගය මෙන් 5 ගුණයක වේගයකින් ගමන් කළහොත් පමණක් වීමයි . තාරකා විද්‍යන්‍යායන්ගේ
ගණනය කිරීම් වලට අනුව හිරු තුල ඇති ප්‍රෝටෝන මිලියන සියයට එකක් පමණි මේ වේගයෙන්
ගමන් කරන්නේ . ඇත්ත වශයෙන්ම ඩියුටිරියම් න්‍යෂ්ටියක් බවට හැරීම සදහා ගැලපෙන ප්‍රෝටෝනයක්
සොයා ගැනීමට හිරු තුල වෙසෙන ප්‍රෝටෝනයකට සාමාන්‍යයෙන් වසර මිලියන 14 ක් වත් බලා
සිටීමට සිදුවේ . හිරුගේ වයස තවමත් අවුරුදු බිලියන 14.5 ක් පමණි .ඉදින් තවමත් හිරු
තුල ඇති බහුතරයක් ප්‍රෝටෝන වලට සහකරුවකු සොයා ගැනීමට හැකි නොවීම පුදුමයට කරුණක්
නොවේ.

Comments
Post a Comment