සූර්යය ගිනි ආරුක්කු යනු
සූර්යය මතුපිට සිට තොණ්ඩු වක ආකාරයෙන් පිටතට විහිදෙන විශාල දීප්තිමත් වායුමය
අකාරයකි . මේවා සූර්යය ප්‍රබා ගෝලය තුල සූර්යයාට ඈඳු ඇති අතර සූර්යය කිරීටය දෙසට
දිගුවී පවතී. සූර්ය කිරීටය සමන්විත වන්නේ ප්ලාස්මා නමින් හැදින්වෙන ඉතා අදික උෂ්නත්වයෙන් යුතු අයනිකෘත වායුන් ගෙන් වන අතර සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ සූර්යය
වර්ණ ගෝලය හා සමාන සංයුතියකින් යුතු වඩාත් උෂ්ණත්වයෙන් අඩු ප්ලාස්මා වකිනි .මේවා
ඇතිවීමට ගතවන කාල පරාසය දිනයක් පමණ වන අතර ස්ථායි සූර්යය ගිනි අරුක්කුවක් මාස
කිහිපයක් පවා සූර්ය කිරීටය තුල පවතී .සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ ප්ලාස්මා
නමින් හැදින්වෙන අයනිකෘත හයිඩ්‍රජන්
සහ හීලියම් වායුන්ගෙනි . දැනට වාර්තා වන විශාලම සූර්යය ගිනි ආරුක්කුවේ දිග කිලෝමීටර
800 000 වන අතර එය සූර්යයාගේ අරයට සමාන වේ . ඇතැම් ගිනි ආරුක්කු ඉතා ජවසම්පන්න වන
අතර මේවා මගින් සූර්යය පදාර්ථයන් තත්පරයට කිලෝමීටර 600- 1000 වේගයකින් අජටකාශයට මුදා
හැරේ .
![]() |
| රුපය 1 : අදික පාරජම්බුල විකිරණ තත්වයන් යටතේ 2010 මාර්තු 30 වන දින නසා ආයතනය මගින් අසු කරගත් සූර්යය ගිනි ආරුක්කු වල ජයාරුපයකි |

Comments
Post a Comment