මෑතක් වන තුරුම හිරුහේ අභ්‍යන්තරය
පිළිබඳව අප දන්නා සියල්ලම දැන ගත්තේ එහි මතුපිට ප්‍රභා ගෝලය හැදෑරීමෙනි . නමුත්
ඉන් අපට දැන ගත හැක්කේ සූර්යය හරය අදින් වසර මිලියන 10 කට එපිට කරන්නට ඇත්තේ කුමක්ද යන්න පමණි . හිරු අභ්‍යන්තරය ට එබී බැලීමේ නව
උපක්‍රම වල අවශ්‍යතාව මෙනිසා කලක සිටම දැනී තිබුණි. 70 සහ 80 දශක වලදී දියුණු කල
උපක්‍රම දෙකක් තාරකා විද්‍යානයින්ගේ පිහිටට පැමිණ තිබේ.
ඉන් පළමුවැන්න මගින්
හිරුගේ හරය තුල මේ මොන්හොතේ වන්නේ කුමක්දැයි දැන ගැනීමට උදව්වුවේ . එය පදනම් වී
ඇත්තේ සූර්යයාගෙන් නික්මෙන නියුට්‍රිනෝව අංශු හඳුනා ගැනීම උඩය . ප්‍රෝටෝන මෙන් නොව
අවට ඇති ආරෝපිත අංශු සමග කිසිදු ගනුදෙනුවකින් තොරව හිරු මතුපිටින් නික්ම යාමට නියුට්‍රිනෝව
සමත්ය . නියුට්‍රිනෝව ක ස්කන්ද්යක් මෙන්ම ආරෝපනයක් නැතැයි විශ්වාස කරන අතර ආලෝකයේ
වේගයට ආසන්න වේගයකින් ගමන් කරතයි සැලකේ . හිරුගෙන් නික්මෙන නියුට්‍රිනෝවක් අල්ලා
ගැනීම ඉතා අපහසු කාර්යයකි . ඒ සඳහා ප්ර්ක්ලොරෝ එතිලින් නම් ද්‍රව්‍ය පිරවූ යෝධ
පිහිනුම් තටාකයක් තරම් වූ ටැංකියක් යොදා ගැනේ . මේ ආකාරයෙන් අල්ලා ගන්නා නියුට්‍රිනෝව
සංඛ්‍යාව කාලයත් සමග ඒකාකාරව පැවතියද පුදුමයකට මෙන් එය හිරුගේ න්‍යෂ්ටික විලයනයෙන්
පිටවෙතයි විද්යානයන් අපේක්ෂා කරන අගයෙන් 1/3 ක් පමණි .ඉතිරි නියුට්‍රිනෝ වලට කුමක්
වීද යන්න නුතන තාරකා විද්‍යාවේ නොවිසදුන ප්‍රශ්නයකි .
දෙවැනි උපක්‍රමය සූර්යය
කම්පන විද්‍යාව ( helioseismology) නම් නව විද්‍යාවක්
දක්වා දියුණුවී ඇත . මෙම ක්‍රමය මගින් කලින් සදහන් කල ගැටලුවට පිළිතුරක් ලබා
ගැනීමට තාරකා විද්‍යානයින් බලාපොරොත්තුවේ . සූර්යය කම්පන විද්‍යාවේ කතාන්දරය
අරබෙන්නේ කලිෆොනියානු තාක්ෂණ ආයතනයේ විද්‍යාන්‍යායින් විසින් විනාඩි 5 ක පමණ කාල පරතරයක්
ඇතිව ඉහල පහල යන කණිකා ( granules ) විශේෂයක් හිරු මතුපිට අහම්බෙන් සොයා ගැනීමෙනි .
මුලදී තාරකා විද්‍යානයින් අනුමාන මෙම කණිකා සූර්යය මතුපිට සමග මිස සමස්ත සූර්යයා
සමග සම්බන්දයක් නැති බවයි . මෑත කාලයේදී කරන ලද පරීක්ෂණ වල ප්‍රතිපල වලට අනුව මෙම
විනාඩි 5 කම්පන ඊට වඩා විශාල පරාසයක කම්පන රැසක එකතුවක් බව හදුනා ගෙන තිබේ .
බටනලාවකින් නිකුත් වන ශබ්ද රටාව විශ්ලේෂණයෙන් තාලය හඳුනා ගත හැකිවන්නාසේ මෙම කම්පන
හැදෑරීමෙන් සූර්යයා සමස්තයක් ලෙස ගත කල කවර මුහුණුවරකින් සමන්විත වන්නේදැයි සොයා
බැලීමට තාරකා විද්‍යාන්යනට හැකිවී තිබේ .ඉතා සරලව කිවහොත් සූර්යය කම්පන විද්‍යාවේදී
හිරුගේ ධ්වනි පීඩන තරංග වල ආන්දෝලනය ප්‍රචාරනය
වන සැටි සොයා බැලේ . පෘතුවියෙහි ඇතිවන භූ කම්පන තරංග මෙන් නොව සූර්යය පීඩන තරංග ව්‍යාකෘති
තරංග විශේෂයක් නොවේ .මෙම සූර්යය පීඩන තරංග ඇතිවන්නේ සූර්යය මතුපිට සමීපයෙහි ඇති
සූර්යය සංවහන කලාපයෙහි ඇතිවන කැළැඹුම ස්වභාවය නිසාවෙනි. පීඩන තරංග වල සිදුවන
නිර්මාණාත්මක නිරෝදනය නිසා සමහර තරංග සංඛයතයන් වර්ධිත වේ . සූර්යය ධ්වනි පීඩන තරංග
අන්දොලනය්හි ඇතිවන වෙනස්කම් අද්‍යනය කිරීම මගින් තාරකා විද්‍යන්යනට සූර්යය
අබ්යන්තරය පිළිබද සවිස්තරාත්මක පැතිකඩයන් විකාසය කරගැනීමට හැකි වී තිබේ. කලින්
පරිච්ච්දයෙහි සදහන් කරන ලද සූර්යය නියුට්‍රිනෝව ගැටළුවටද
මෙමගින් විසදුමක් සොයා ගැනීමට හැකි වී ඇත.
සූර්යය භූකම්පන විද්‍යාව මගින් අනාවරණය වූ කරුණු අනුව ;
- හිරුගේ සංවහන කලාපය සහ විකිරණ කලාපය වෙනස්වූ වේගයන් වලින් බ්‍රමණය වේ. එමනිසා ඇතිවන ඩයිනමෝ බලපෑම නිසා සූර්යයාගේ චුම්බක කේෂ්ත්‍රය ඇතිවේ .
- තවද මෙම ක්‍රමය මගින් පෘතුවියට නොපෙනෙන හිරුගේ ප්‍රදේශයන් ගැන අනුරුපනයන් සකසා ගැනිමටද සමත් වී ඇත .
- සූර්යය ලප මගින් සූර්යය භූකම්පන තරංග අවශෝෂණය කරනු ලබයි . මෙහිදී ඇතිවන උනතාවය හිරුලප වල ඇතිවන ප්‍රකාශ සමාවයවිකය මගින් නිරීක්ෂණය කල හැක .
![]() |
| රූපය 1: GONGO නම් උපකරණය භාවිතයෙන් සූර්යය කම්පන විද්‍යාව ( helioseismology) අනුව ගන්නා ලද හිරුගේ ජායාරූපයක් |

Comments
Post a Comment