Skip to main content

Posts

තරුවක පරිණාමය

කාලයත් සමග වන තරුවක වෙනස්වීම තරුවක පරිණාමය ලෙස හැඳින්වේ. මේ විශ්වයෙහි ඇති අනෙකුත් සියලු දෑ මෙන්ම අපගේ හිරු සහ අනෙකුත් තරු සියල්ලම කාලයත් සමග විවිධාකාර වූ වෙනස්කම්වලට ලක්වේ. තරුවක ස්කන්දය මත එම තරුවෙහි ආයු කාලය වසර මිලියන ගන්නේ සිට වසර ට්‍රිලියන ගණනක් දක්වාවූ කාල පරාසයකට විහිදේ. පහත වගුවේ දක්වා ඇත්තේ තරුවක ආයු කාලය එම තරුවෙහි ස්කන්දය සමග වෙනස්වන ආකාරයයි. වගුව 2: තරුවක ස්කන්දය සහ එහි ආයු කාලය අතර සම්බන්දය සුර්ය ස්කන්දය ආයු කාලය වර්ණාවලි අකාරය 60 මිලියන 3 o3 30 මිලියන 11 o7 10 මිලියන 32 B 3 3 මිලියන 370 A 5 1.5 බිලියන 3 F 5 1 බිලියන 10 G 2 (අපගේ සූර්යයා) 0.1 බිලියන 1000 M 7 සියලුම තරුවල උපත සිදුවන්නේ වායුන් සහ දුහුවලි වලින් සමන්විත ගුරුත්වාකර්ෂණය හේතුවෙන් සංකෝචනය වෙමින් පවතින වලාකුළු වලිනි. මේවා කුඩා වලාකුළු (නෙබුලාවන්) හෝ අනුක වලාකුළු (molecular nebulae) ලෙසද හැඳින්වේ . රූපය : අශ්ව හිස අනුක වලාකුළු (molecular nebulae) ...

වැදගත් විද්‍යාත්මක තොරතුරු අනාවරණය කල සූර්යය ග්‍රහණ

හිරු බැසගෙනයන යන අවස්ථාවකදී ගත් වලයාකාර සූර්ය ග්‍රහනයක අවස්ථාවන් කිහිපයක ජායාරුප කිහිපයක්  සූර්යය ග්‍රහණය දැකිය හැකි හැකි වන්නේ අමාවක හෙවත් මාස පොහොය දිනවල පමණි. ඊට හේතුව පෘතුවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණිවිට චන්ද්‍රයා මත මත හිරුගේ ආලෝකය වැටෙන ප්‍රදේශය අපට නොපෙනෙන බැවිනි . එය එසේ වුවද සැම මාස පොහොය දිනකදීම සූර්ය ග්‍රහණයක් සිදුනොවේ. පෘතුවියේ යම් ප්‍රදේශයන් සැලකුවහොත් එම ස්ථානයට පූර්ණ සූර්යය ග්‍රහණයක් දිස් වන්නේ වසර 300 කට වරක් පමණි. රූපය : සූර්යයා වටා පෘතුවිය ගමන් කරන කක්ෂ තලයත් පෘතුවිය වටා චන්ද්‍රයා ගමන් කරන කක්ෂ තලයත් අනුව නිස්පන්ද ලක්ෂ ඇතිවන අකාරය ඉහත රූපයේ ආකාරයට සූර්යයා වටා පෘතුවිය ගමන් කරන කක්ෂ තලයත් පෘතුවිය වටා චන්ද්‍රයා ගමන් කරන කක්ෂ තලයත් අතර අංශක 5 ක පමණ ඇලවීමක් පවතී. මේ නිසා ග්‍රහණයක් ඇති වන්නේ පෘතුවිය සූර්යයා වටා යන ගමන් පථයත් චන්ද්‍රයා පෘතුවිය වටා යන ගමන් පථයත් එකිනෙක ඡේදනය වන ලක්ෂ දෙකකදී පමණි . මෙම ලක්ෂ නිෂ්පන්ද ලක්ෂ නමින් හඳුන් වනු ලැබේ . ඒ අනුව වසරකට ඇතිවිය හැකි උපරිම ග්‍රහණ ගණන 7 කි. ඒ සූර්යය ග්‍රහණ 5 ක් සහ චන්ද්‍ර ග්‍රහණ 2 ක් වශයනි . කලාතුරකින...

සූර්යය ග්‍රහණය, අමාවක රාත්‍රියකින් බිඳක්

පූර්ණ සූර්යය ග්‍රහණයක් කැමරා ඇසින්  දහවල එකවරම අඳුරු විය යන එන මං සොයා ගත නොහැකිව කුරුල්ලෝ වල්මත් වුහ. ලෝකය ආලෝකවත් කරන හිරු දෙවියන් විශාල මකරකු විසින් ගිලගෙන ඇත. ඒ පැරැන්නන් සූර්යය ග්‍රහණය ගැන සිතු ආකාරයයි. ඉතිහාසයේ සූර්යය ග්‍රහණය ගැන මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. එහි කියවෙන පරිදි ක්‍රි .ප 2137 ඔක්තෝම්බර් මස 22 වැනිදා චීනයේ සූර්යය ග්‍රහණයක් සිදු වී ඇත. ශ්‍රීලංකා වාසීන්ට අමතක නොවන සූර්යය ග්‍රහනයක අත්දැකීම් ලැබුවේ 1955 ජුනි 20 දාය . එදා බොහෝ දෙනෙක් වද කහ දියරය පානය කළහ. සුන්දරත්වය ලඟා කර ගැන්ම කෙසේ වෙතත් එවන් පුද්ගලයන්ගෙන් එදා රෝහල් වාට්ටු පිරී ගිය අයුරු සමහරු අදත් සිහිපත් කරන්නේ උපහාසයෙන් යුතුවය. හිරු ගිල ගන්නට මකරුන් නැති බව අද අපි දනිමු. එසේ නම් සූර්යය ග්‍රහනයකදී සිදු වන්නේ කුමක්ද? අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අදිපති හිරු කේන්ද්‍ර කොට ගත් මගක පෘතුවිය ගමන් ගනී. පෘතුවිය වටා වූ ගමන් මගක් ඔස්සේ චන්ද්‍රයාද ගමන් ගනී .සිය ගමන් මගේදී මෙම ආකාශ වස්තුන් තුන එකම සරල රේඛාවකට පැමිණිය හැක. එවන් අවස්ථාවක මෙම වස්තුන් පිහිටා ඇති තැන අනුව ග්‍රහණයක් ඇතිවිය හැක. ග්‍රහණ ප්‍රධාන වශයෙන්...

හිරු මත ඇති මුලද්‍රව්‍ය

හිරුගේ ස්කන්ධයෙන් ¾ ක් ම සමන්විත වන්නේ හයිඩ්‍රජන් වලිනි . මිනිසා දැනට සොයා ගෙන ඇති සැහැල්ලුතම මුලද්‍රව්‍යය මෙය වේ .ඉතිරි හතරෙන් පංගුවම වාගේ සමන්විත වනනේ හීලියම් වලිනි.හීලියම් වායුව පොළවෙන් සොයා ගැනීමට පෙර තාරකා විද්‍යාන්‍යායින් හිරු මතින් එය සොයා ගත්හ . හීලියම් යනු ග්‍රීක භාෂාවෙන් හිරු යන අරුත ඇති පදයකි . හයිඩ්‍රජන් හා හීලියම් වලට අමතරව තවත් මුලද්‍රව්‍ය 70 ක් පමණ හිරුගෙන් මේ වන විට සොයා ගෙන තිබේ . කෙසේ වුවද මේ මුලද්‍රව්‍ය සියල්ල එකතු කලද එය මුළු සූර්යය ස්කන්දයෙන් 1% ක් හෝ 2% ක් තරම් සුළු කොටසකි . විද්‍යාන්‍යායින් හිරු මතට නොගොස් හිරු මත ඇති මුලද්‍රව්‍ය හඳුනාගන්නේ හිරුගෙන් නිකුත් වන ආලෝක වර්ණාවලිය හැදෑරීම මගිනි . ඕනෑම මුලද්‍රවයක් මගින් ඇතිකරන වර්ණාවලිය එයටම අවේනික වේ .හිරු එළියේ වර්ණාවලියේ අදාල මුලද්‍රව්‍යයට ගැලපෙන වර්ණාවලි රේඛා ඇත්දැයි සොයා බැලීමෙන් හිරු මත එම මුලද්‍රව්‍යය ඇතිදැයි සොයා ගත හැක . සූර්යය සංයුතිය ගැන අද්‍යනය කර ඇති විද්‍යානයින් විසින් හිරු සතුව ඇති රසයාන මුලද්‍රව්‍යන් 67 ක් නාමාවලි ගත කොට ඇත. මීට අත්මතරව හිරු මතුපිට , උපකරණ වලට අනාවරණය කරගත නොහැකි තරමේ කුඩා ප්‍රමා...

සූර්යය ආකර්ෂණ ශක්තිය

සෞර ග්‍රහ මණ්ඩලයේ අඩංගු මුලද්‍රව්‍ය ප්‍රමාණයෙන් 99.8% ක් ම ඇත්තේ සූර්යයාඅ සතුවය. එහි ස්කන්දය පෘතුවියේ ස්කන්දය මෙන් 333000 වාරයක් යැයි  ගණන් බලා තිබේ. මේ ප්‍රමාණය සෞර ග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයා ලෙස සැලකෙන බ්‍රහස්පති ගේ ස්කන්දය මෙන් 1047 ගුණයකි . හිරුගේ ස්කන්දය මෙතරම් අති විශාල අගයක් ගැනීම නිසා එහි මතුපිට බලපවත්නා ගුරුත්වාකර්ෂණ බලපෑම ද අති විශාලය . සූර්යයා මත බලපවත්වන ගුරුත්වාකර්ෂණ බලය පොලව මතුපිට ගුරුත්වාකර්ෂණ බලය මෙන් 28 ගුණයකි . එම නිසා පොලාවේදී Kg 45 ක් බර මිනිසෙකු හිරු මතුපිටදී Kg 1270 ක් බර වනු  ඇත්තේය. සූර්යයා තමා වටා ගමන් කරන ග්‍රහලෝක , ග්‍රාහක ,දුමකේතු ආදී වස්තුන් අල්ලා බැඳ තබාගෙන ඇත්තේ මෙම දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයේ උපකාරයෙනි . සූර්යය ගුරුත්ව බලය කෙතරම් විශාලද යත් එමගින් සූර්යයා තැනී ඇති වායුන්ද එහි මද්‍යය දෙසට ඇද ගනී . මෙම වායුන් අදික උණුසුමින් සහ පිඩනයකින් යුතුව දිගටම ප්‍රසාරණය වන්නට උත්සාහ නොකරන්නට සූර්යයාගේ හැඩය එහි ගුරුත්වය විසින්ම බිඳ දමනු නිසැකය . ඇත්ත වශයෙන්ම සූර්යයාගේ හැඩය සහ ප්‍රමාණය තිබෙන තත්වයේම රැඳී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යය කේන්ද්‍රයේ එල්ලයේ ඇත...

ශක්තියේ උල්පත

අදින් වසර  සියයකට පමණ එපිටදී හිරුගෙන් තාපය පිටවන්නේ කෙසේදැයි කිසුවෙකු දැන සිටියේ නැත .නමුත් පරිණාම වාදයේ සහ භුගර්බ විද්‍යාවේ ඒ වන විට සිදුව තිබු නැගීම හිරු කිරණ සඳහා ඉතා දිගු ඉතිහාසයක් ඉල්ලා සිටියේය . 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කල විශේෂ සාපේක්ෂතා වාදය මගින් ස්කන්දයත් ශක්තියත් යනු එකම කාසියේ දෙපැත්ත බව පෙන්වා දීමත් , 1920 දී බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යයයකු වූ ආතර් එධන්ට්  න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා මගින් හිරු තුල ශක්තිය උපදවන බවට අදහසක් ඉදිරිපත් කිරීමත් සූර්යයා තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ කතාන්දරයේ මග සලකුණු ලෙස සැලකිය හැක  . නමුත් 1930 ගණන් වන තුරුම හිරු තුල සිදුවන සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කවරෙක්දැයි යන්තමින් වත් අවබෝධ කර ගත නොහැකි විය . හිරු තැනී ඇත්තේ කවර ද්‍රව්‍යයන්ගෙන්ද යන්න පිලිබඳ තාරකා විද්‍යන්යින් අතර තිබු අත්භූත අදහස් මෙයට කෙලින්ම බලපෑවේය .හිරු යනු යෝධ ගිනිගෙන දැවෙන යකඩ ගොලයකයි ඔවුහු සිතා සිටියහ . සූර්යයා තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හඳුනා ගැනුනේ 1938 දිය . එහි ගව්රවය හිමිවන්නේ ජර්මන් ජාතික කාල් ෆෝන...