 |
| පූර්ණ සූර්යය ග්‍රහණයක් කැමරා ඇසින් |
දහවල
එකවරම අඳුරු විය යන එන මං සොයා ගත නොහැකිව කුරුල්ලෝ වල්මත් වුහ. ලෝකය ආලෝකවත් කරන
හිරු දෙවියන් විශාල මකරකු විසින් ගිලගෙන ඇත. ඒ පැරැන්නන් සූර්යය ග්‍රහණය ගැන සිතු
ආකාරයයි. ඉතිහාසයේ සූර්යය ග්‍රහණය ගැන මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. එහි කියවෙන පරිදි
ක්‍රි .ප 2137
ඔක්තෝම්බර් මස 22 වැනිදා චීනයේ සූර්යය ග්‍රහණයක් සිදු වී ඇත.
ශ්‍රීලංකා
වාසීන්ට අමතක නොවන සූර්යය ග්‍රහනයක අත්දැකීම් ලැබුවේ 1955 ජුනි 20 දාය . එදා බොහෝ
දෙනෙක් වද කහ දියරය පානය කළහ. සුන්දරත්වය ලඟා කර ගැන්ම කෙසේ වෙතත් එවන්
පුද්ගලයන්ගෙන් එදා රෝහල් වාට්ටු පිරී ගිය අයුරු සමහරු අදත් සිහිපත් කරන්නේ
උපහාසයෙන් යුතුවය.
හිරු
ගිල ගන්නට මකරුන් නැති බව අද අපි දනිමු. එසේ නම් සූර්යය ග්‍රහනයකදී සිදු වන්නේ
කුමක්ද?
අපගේ
සෞරග්‍රහ මණ්ඩලයේ අදිපති හිරු කේන්ද්‍ර කොට ගත් මගක පෘතුවිය ගමන් ගනී. පෘතුවිය වටා
වූ ගමන් මගක් ඔස්සේ චන්ද්‍රයාද ගමන් ගනී .සිය ගමන් මගේදී මෙම ආකාශ වස්තුන් තුන එකම
සරල රේඛාවකට පැමිණිය හැක. එවන් අවස්ථාවක මෙම වස්තුන් පිහිටා ඇති තැන අනුව ග්‍රහණයක්
ඇතිවිය හැක. ග්‍රහණ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි එනම් සූර්යය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ.
සූර්යය
ග්‍රහණයක් සිදුවන විට ප්රුතිවියත් සූර්යයාත් අතරට චන්ද්‍රයා පැමිණේ. එවිට මෙම මෙම
වස්තුන් තුන එකම සරල රේඛාවක් මත පිහිටයි. ඒ පිහිටීම නිසා චන්ද්‍රයා මගින් සූර්යයා
මුළුමනින්ම වැසි යයි. එහිදී ඇතිවන චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටීමෙන්
පෘතුවිය මත සිටින කෙනකුට සූර්යයා නොපෙනී යා හැක. චන්ද්‍රග්‍රහණයකදී සිදු වන්නේද
මිට සමාන සන්සිධ්දියකි.
සූර්යය
ග්‍රහණ ප්‍රධාන අකර තුනකි.
1. පූර්ණ
සූර්යය ග්‍රහණය
2. අර්ධ
සූර්යය ග්‍රහණය
3.
වලයාකාර සූර්යය ග්‍රහණය
 |
රූපය 3 : සූර්යය ග්‍රහනයක ආකාර 3 සහ චන්ද්‍රයා
මගින් ඇති කරන ඡයාවන්ගේ වෙනස
ඉහත
රූපයේ පෙන්වා ඇති පරිදි සූර්ය ග්‍රහනයකදී චන්ද්‍රයාඒගේ ඇතිවන සෙවනැල්ල සහ පෘතුවියේ
පිහිටීම අනුව සූර්යය ග්‍රහණ තුන් ආකාරය මෙසේ විස්තර කල හැක.
1.
පෘතුවියේ
සිට චන්ද්‍රයාට ඇති දුර පෘතුවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 1/400 කි. තවද
සූර්යයාගේ විෂ්කම්බය චන්ද්‍රයාගේ විෂ්කම්බය මෙන් 400 ගුණයකි. මෙම අපුරු ජ්‍යාමිතික
පිහිටුම හේතු කොටගෙන පූර්ණ සූර්යය ග්‍රහනයකදී පෘතුවියේ එක්තරා ප්‍රදේශයකට චන්ද්‍රයා
නිසා සූර්යයා මුළුමනින්ම වැසි නොපෙනී යනු ඇත.
2.
අර්ධ
සූර්යය ග්‍රහනයකදී පෘතුවියේ සිටින කෙනකුට දිස්වන්නේ සූර්යයාගෙන් අර්ධයක් හෝ කොටසක්
පමණි. ඉතිරි අර්ධය හෝ කොටස චන්ද්‍රයාගෙන් වැසි යයි. විටෙක පෘතුවියේ එක් ස්ථානයකට
පූර්ණ සූර්යය ග්‍රහණයක් දිස් වද්දී එම ස්ථානය වටා ඇති විශාල ප්‍රදේශයකට අර්ධ
සූර්යය සූර්යය ග්‍රහණයක් ලෙසින් එයම දැක ගත හැකි අවස්ථාද ඇත.
3.
පෘතුවියේ
ගමන් මාර්ගයත් චන්ද්‍රයාගේ ගමන් මාර්ගයත් දෙකම ඉලිප්සාකාරය . මෙම ඉලිප්සයේ කෙලවර
වලට චන්ද්‍රයා පැමිණි විට එය වඩාත් පෘතුවියෙන් ඈත්ව පිහිටයි. එවන් විටක චන්ද්‍රයා පෘතුවියත් සූර්යයාත් අතරට පැමිණියේ නම් පෘතුවියේ
සිටින කෙනකුට දිස්වන්නේ සූර්යයාගේ මද කොටස පමණක් අඳුරු වී ඇති ආකාරයයි එවිට
සූර්යයාගේ මැද කොටස පමණක් අඳුරු වී චන්ද්‍රයාගෙන් වැසි පිටත වල්ලලක අකාරයේ රවුම්
ප්‍රදේශයක් ඉතිරිවේ . මෙය වලයාකාර සූර්යය ග්‍රහණය නම් වේ .
පූර්ණ සූර්යය ග්‍රහණයක් සිදුවන
අවස්ථාවේ සූර්යයාගේ වායුගෝලය සහ රැස් වළල්ල දීප්තිමත්ව බලා ගත හැක. සූර්යයාගෙන්
නිකුත් වන අදික උෂ්ණත්වයෙන් යුතු වායු කදම්බ තිරස් සහ සිරස් යන ගමන් මාර්ග ඔස්සේ
කිලෝ මීටර ලක්ෂ ගණනක් ඈතට විහිදේ. සිරස් වායු කදම්බ සූර්යය ලෙල සිළු නම් වේ. සූරයාගෙන්
තිරස් අතට විහිදෙන වායු කදම්බ භාෂ්ම ප්‍රවාහ නම් වේ.
සූර්යයා විශාල ගෝලාකාර වස්තුවකි
එය තිතක් බඳු ලක්ෂීය වස්තුවක් නොවේ. එම නිසා සූර්යය ග්‍රහනයකදී ඇතිවන මුවාවීම නිසා
හට ගන්නා චන්ද්‍රයාගේ පූර්ණ ඡායාවට අමතරව උප ඡයාවක්ද හට ගනී. පූර්ණ ඡායාව වැටෙන්නේ
පෘතුවිය මත වූ km 272 ක පමණ විෂ්කම්බය ඇති රවුම් ප්‍රදේශයකය . පෙර කි උපඡායාව ඒවටා
පිහිටි විශාල ප්‍රදේශයකට පතිත වීමෙන් අඳුරු ස්වභාවයක් එම ප්‍රදේශවල අහසේ දක්නට
ලැබේ . එනම් උපඡායාව වැටෙන ප්‍රදේශවලට ග්‍රහණය පෙනෙන්නේ අර්ධ සූර්යය ග්‍රහණයක්
වශයෙනි.
චන්ද්‍රයාත් පෘතුවියත් බ්‍රමණය
වන නිසාත් ඉහත කි පරිදි ඇති වන සෙවනැල්ල කුඩා නිසාත් පූර්ණ සූර්යය ග්‍රහනයකදී
ඇතිවන සෙවනැල්ල දැකිය හැකි උපරිම කාලය විනාඩි 7 තත්පර 58 කි.මෙම සෙවනැල්ල 2280
km/hr ක වේගයෙන් පෘථිවිය මතින් ගමන් කරයි. මෙය ශබ්දයේ වේගයද පසු කරයි .
සූර්යය ග්‍රහණය දැකිය හැකි හැකි
වන්නේ අමාවක හෙවත් මාස පොහොය දිනවල පමණි. ඊට හේතුව පෘතුවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා
පැමිණිවිට චන්ද්‍රයා මත මත හිරුගේ ආලෝකය වැටෙන ප්‍රදේශය අපට නොපෙනෙන බැවිනි . එය
එසේ වුවද සැම මාස පොහොය දිනකදීම සූර්ය ග්‍රහණයක් සිදුනොවේ. පෘතුවියේ යම් ප්‍රදේශයන්
සැලකුවහොත් එම ස්ථානයට පූර්ණ සූර්යය ග්‍රහණයක් දිස් වන්නේ වසර 300 කට වරක් පමණි.
|
Comments
Post a Comment