කාලයත් සමග වන තරුවක
වෙනස්වීම තරුවක පරිණාමය ලෙස හැඳින්වේ. මේ විශ්වයෙහි ඇති අනෙකුත් සියලු දෑ මෙන්ම
අපගේ හිරු සහ අනෙකුත් තරු සියල්ලම කාලයත් සමග විවිධාකාර වූ වෙනස්කම්වලට ලක්වේ. තරුවක
ස්කන්දය මත එම තරුවෙහි ආයු කාලය වසර මිලියන ගන්නේ සිට වසර ට්‍රිලියන ගණනක් දක්වාවූ
කාල පරාසයකට විහිදේ. පහත වගුවේ දක්වා ඇත්තේ තරුවක ආයු කාලය එම තරුවෙහි ස්කන්දය සමග
වෙනස්වන ආකාරයයි.
වගුව 2: තරුවක ස්කන්දය
සහ එහි ආයු කාලය අතර සම්බන්දය
සුර්ය ස්කන්දය
|
ආයු කාලය
|
වර්ණාවලි අකාරය
|
60
|
මිලියන 3
|
o3
|
30
|
මිලියන 11
|
o7
|
10
|
මිලියන 32
|
B 3
|
3
|
මිලියන 370
|
A 5
|
1.5
|
බිලියන 3
|
F 5
|
1
|
බිලියන 10
|
G 2 (අපගේ සූර්යයා)
|
0.1
|
බිලියන 1000
|
M 7
|
සියලුම තරුවල උපත
සිදුවන්නේ වායුන් සහ දුහුවලි වලින් සමන්විත ගුරුත්වාකර්ෂණය හේතුවෙන් සංකෝචනය
වෙමින් පවතින වලාකුළු වලිනි. මේවා කුඩා වලාකුළු (නෙබුලාවන්) හෝ අනුක වලාකුළු (molecular
nebulae) ලෙසද හැඳින්වේ.
රූපය : අශ්ව හිස අනුක වලාකුළු (molecular nebulae) වෙහි ජායා රූපයක්
වසර මිලියන ගණනක අවෑමෙන්
මෙමෙ මුලික තරු සමතුලිත තත්වයකට පත්වී තැන්පත්වේ. එවිට මේවා මුලික අනුක්‍රම තරු (main-sequence
star) හෝ වාමන තරු ලෙසද හැඳින්වේ . අපගේ සූර්යයා මෙන්ම විශ්වයෙහි ඇති බොහොමයක්
තරු මෙම කාණ්ඩයට අයත් වේ. තරුවෙහි මෙම මුලික සැකස්මෙන් අනතුරුව එහි අබ්යන්තරයෙහි
සිදුවෙන න්‍යයස්ටිකවිලය (H2 පරමාණු He පරමාණු වලට පත් කිරීම) ප්‍රතික්‍රියාව
හේතුවෙන් තරුවෙහි අබ්යන්තරයෙහි තාප ශක්තියක් නිපදවේ . ඉතා අදික විශාලත්වයෙන්
යුතු මුලික තරුවක (protostar) සැකැස්ම සඳහා මෙම අනුක්‍රමික තරු වක හරයෙහි උෂ්ණත්වය
කෙල්වින් මිලියන 10 ට පමණ ලඟාවේ . මෙම අවස්ථාවේදී දඇතිවෙන ප්‍රෝටෝන ප්‍රෝටෝන දාම
ප්‍රතික්‍රියාව H2 විලයනයා මගින් deuterium සහ He නිපදවයි .ස්කන්දය 2
X 10 30 kg පමණ වන තරුවල (> 1 M 0 ) ශක්තිය නිපදවීම සඳහා මුලික වශයෙන් දායක වන්නේ
C-N –O විලයන ප්‍රතික්‍රියා වයි. මෙම න්‍යයස්ටික විලයන ප්‍රතික්‍රියාව ඉක්මනින් ද්‍රවස්තිති
සමතුලිත තත්වයට පත් වන අතර හරයෙහි මුදා හරින ලද ශක්තිය මගින් විශාල වායු පීඩනයක් පවත්වා ගනු ලබයි . මෙම වායු
පීඩනය මගින් තරුව්හි බර සමතුලිත කරන අතර අදික ගුරුත්වාකර්ෂණය මගින් ඇතිවන තරුවෙහි
පධාර්ථ අකිලීම වලක්වයි.
Hertzsprung–Russell අනුක්‍රමික ප්‍රස්ථාරයේ අනුක්‍රමික
වර්ණාවලිය අනුව අලුත් තරුව පිහිටා ඇති තැන තීරණය වන්නේ තරුවෙහි ස්කන්දය අනුව වේ.
කුඩා, සාමාන්‍යයෙන් සීතල කුඩා ස්කන්දයක් සහිත රතු වාමන තරු ( Red Drawft ) වල න්‍යයස්ටික විලයනය හෙමින්
සිදුවන අතර ඒවා අනුක්‍රමික තරුලෙස වසර
බිලියන සියගණනක් හෝ ඊට අදික කාලයක් පවතී .විශාල, උණුසුම් O වර්ගයේ තරු අනුක්‍රමික
තරු ලෙස පවතින්නේ වසර මිලියන කිහිපයක් පමණි. අපගේ සූර්යයා මෙන් මධ්‍යම ප්‍රමාණයේ කහ
වාමන (Yellow Drawft ) අනුක්‍රමික තරු ලෙස පවතින්නේ වසර බිලියන 10 ක් පමණ කාලයකි.
තරුවෙහි හරයේ විලයන්
ප්‍රතික්‍රියාවන් සදහා වූ H2 අවසන් වූ පසු එය අනුක්‍රමික තරුවකින් ඔබ්බට
පරිණාමය වේ. මෙහිදී තරුවෙහි බර සමතුලිත කර ගැනීමට අවශ්‍ය වායු පීඩනය නොමැති විට ගුරුත්වාකර්ෂණ
බලය මගින් තරුවෙහි හරය සංකෝචනය කරනු ලබයි. මෙහිදී ඉලෙක්ට්‍රොන හායන පිඩනය ගෘත්වාකර්ශන
බලය මැඩ පැවැත්වූ විට තරුවෙහි හරයේ උෂ්ණත්වය He විලයන ප්‍රතික්‍රියා ආරම්බ කරයි.
![]() |
| රූපය Hertzsprung–Russell අනුක්‍රමික ප්‍රස්ථාරය |
ප්‍රමාණයෙන් කුඩා
ස්කන්දයක් සහිත තරු :
දැනට තාරකා විද්‍යන්යින්
සොයා ගෙන ඇති විශ්වයෙහි වයස සමග (වසර බිලියන
13. 8 ) සසදන විට කුඩා ස්කන්ද සහිත තරු තවමත් එහි අනුක්‍රමික තරු
අවස්ථාවෙහි පවතී. මෙවැනි තරුවල උෂ්ණත්වය සහ දීප්තිය වැඩි වන්නේ ඉතාමත් හෙමිනි .
නවතම තාරක බෞතික විද්‍යාත්මක ආකෘති වලට අනුව 0.1 Mo ප්‍රමාණයෙහි රතු වාමන තරුවක් අනුක්‍රමික
තරුවක් ලෙස වසර ට්‍රිලියන 6- 12 අතර කාලයක් පවතී. එමෙන්ම ඒවායෙහි හරයෙහි බිඳ වැටී
සුදු වාමන තරුවක් බවට පත්වීමට තවත් වසර
බිලියන 100 ක් පමණ ගතවේ. මෙවැනි තරු කිසිවිටෙකත් රතු යෝධ තරු බවට පත් නොවේ . එසේ
වන්නේ මෙවැනි තරු සම්පූර්ණයෙන්ම සංවාහි සහ මෙවැනි තරුවල නැවත නිපදවූ He හරයක් සහ H2 කවචයක් නොමැති නිසා
වෙනි. නමුත් මේවා සම්පුර්නයෙනම He බවට පත්වන තුරු එහි H2 විලයනය දිගටම ක්‍රියාත්මක වේ .
මධ්‍යම ප්‍රමාණයෙහි
ස්කන්දයක් සහිත තරු :
ප්‍රධාන අනුක්‍රමික තරු
නොවන, තාරිය වර්ගීකරණයෙහි K හෝ M කාණ්ඩයට අයිති වන 0.5 – 10 M o වන මෙවැනි තරු රතු
යෝධ තරු බවට පත්වේ. මේවායෙහි ඇති රතු වර්ණය සහ අදික දීප්තිය නිසා මෙම තරු Hertzsprung–Russell අනුක්‍රමික ප්‍රස්ථාරයේ දකුණු කොනෙහි පිහිටා තිබේ. මධ්‍යම ප්‍රමාණයෙහි
තරු රතු යෝධ තරු බවට පත් වන්නේ අවධි දෙකකදීය. රතු යෝධ ශාකා (red –giant – branch star
)තරුවක අවදියේදී නිෂ්ක්‍රීය හරය සමන්විත වන්නේ He වලිනි. ස්පර්ශෝන්මුක රතු යෝධ
ශාකා (Asymptotic red –giant – branch star) තරුවක අවදියේදී නිෂ්ක්‍රීය හරය සමන්විත
වන්නේ c වලිනි. තවද මේවායේ දැවෙන H2 කවචය ඇතුලතින් දැවෙන He කවචයක්ද
ඇත. නමුත් රතු යෝධ ශාකා තරුවක ඇත්තේ දැවෙන H2 කවචයක් පමණි. මධ්‍යම ප්‍රමාණයේ
තරු මෙම අවදි දෙක අතරමැද He විලයන හරයක් ඇති තිරස් ශාකා ආවදියක් ගතකරයි (Horizontal
branch ). මෙවැනි තරු බොහොමයක් තිරස් ශාකාවෙහි වඩා සිසිල් කොනට රැස්වේ. එවිට මේවා K කාණ්ඩයෙහි යෝධයන් හෝ රතු යෝධ පොකුරු
ලෙස හැඳින්වේ.


Comments
Post a Comment