![]() |
| හිරු බැසගෙනයන යන අවස්ථාවකදී ගත් වලයාකාර සූර්ය ග්‍රහනයක අවස්ථාවන් කිහිපයක ජායාරුප කිහිපයක් |
සූර්යය ග්‍රහණය දැකිය හැකි හැකි
වන්නේ අමාවක හෙවත් මාස පොහොය දිනවල පමණි. ඊට හේතුව පෘතුවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා
පැමිණිවිට චන්ද්‍රයා මත මත හිරුගේ ආලෝකය වැටෙන ප්‍රදේශය අපට නොපෙනෙන බැවිනි . එය
එසේ වුවද සැම මාස පොහොය දිනකදීම සූර්ය ග්‍රහණයක් සිදුනොවේ. පෘතුවියේ යම් ප්‍රදේශයන්
සැලකුවහොත් එම ස්ථානයට පූර්ණ සූර්යය ග්‍රහණයක් දිස් වන්නේ වසර 300 කට වරක් පමණි.
![]() |
| රූපය : සූර්යයා වටා පෘතුවිය ගමන් කරන කක්ෂ තලයත් පෘතුවිය වටා චන්ද්‍රයා ගමන් කරන කක්ෂ තලයත් අනුව නිස්පන්ද ලක්ෂ ඇතිවන අකාරය |
ඉහත
රූපයේ ආකාරයට සූර්යයා වටා පෘතුවිය ගමන් කරන කක්ෂ තලයත් පෘතුවිය වටා චන්ද්‍රයා ගමන්
කරන කක්ෂ තලයත් අතර අංශක 5 ක පමණ ඇලවීමක් පවතී. මේ නිසා ග්‍රහණයක් ඇති වන්නේ
පෘතුවිය සූර්යයා වටා යන ගමන් පථයත් චන්ද්‍රයා පෘතුවිය වටා යන ගමන් පථයත් එකිනෙක
ඡේදනය වන ලක්ෂ දෙකකදී පමණි . මෙම ලක්ෂ නිෂ්පන්ද ලක්ෂ නමින් හඳුන් වනු ලැබේ . ඒ
අනුව වසරකට ඇතිවිය හැකි උපරිම ග්‍රහණ ගණන 7 කි. ඒ සූර්යය ග්‍රහණ 5 ක් සහ චන්ද්‍ර
ග්‍රහණ 2 ක් වශයනි . කලාතුරකින් සූර්යය ග්‍රහණ 4 ක් සහ චන්ද්‍ර ග්‍රහණ 3 ක් ඇති
වසරද එලබේ . අවම ග්‍රහණ ගණන 2 කි . ඒ සූර්යය ග්‍රහණ 2 ක් පමණි.
ඉහත
කි නිෂ්පන්ද ලක්ෂ තිබෙන තලය සෑම වසර 18 දින 11 1/3 කටම වරක් බැගින් එම ස්ථානයට
පැමිණේ . මේ නිසා කිසියම් සූර්යය ග්‍රහණයක් එම අකාරයටම වසර 18 දින 11 1/3 කටම වරක්
පෘතුවියේ සිට බලා ගත හැක. මෙම කාලාන්තරය ‘සරෝස් කලාන්තරය ‘ වශයෙන් හඳුන්වයි . එක්
සරෝස් කාලවර්තයක් තුල සූර්යය ග්‍රහණ 43 ක් සහ චන්ද්‍ර ග්‍රහණ 28 ක් ඇතිවේ . නවීන
තාරකා විද්‍යාව ආරම්භයට පෙර එනම් මිට වසර දහස් ගණනකට පෙර සිටම පැරණනන් මෙම දත්තය
සූර්යය ග්‍රහණ පිළිබඳව අනාවැකි පලකිරීම සඳහා යොදාගත් බවට ශාක්ෂි තිබේ . මේ ආකාරයට
පූර්ණ සූර්යය ග්‍රහණ පිලිබඳ ඉතිහාසය අද්‍යනය කිරීමෙන් විද්‍යාන්‍යායන් තවත් අපූරු
දෙයක් සොයා ගත්හ . එනම් චන්ද්‍රයා පෘතුවිය වටා පරිබ්‍රමණය වන වේගය අඩුවන බවයි. මේ
අනුසාරයෙන්ම චන්ද්‍රයා පෘතුවියෙන් ඉවතට ඇදී යන සීග්‍රතාව ගණනය කල හැක . මෙම වේගය අඩුවීමට
ප්‍රධානතම හේතුව වී ඇත්තේ චන්ද්‍රයාගේ ආකර්ෂණය නිසා පෘතුවියේ ඇතිවන උදම් වල
බලපෑමයි. මේ අනුව දැනට පෘතුවියේ සිට km 384000 ඇතින් පිහිටි චාහ්න්ද්‍රයා තව
දුරටත් ඇත්වී තව වසර දස ලක්ෂ ගණනකින් km 545000 දක්වා ඈත් වනු ඇත . ඉන් පසු
පෘථිවියේ එක් පෙදසකට ඉහලින් පිහිටන අයුරින් වූ පිහිටුමක් කරා පෘතුවිය සහ චන්ද්‍රයා
පැමිණෙනු ඇත . උදාහරණයක් ලෙසින් කිව හොත් ලංකාවට ඉහලින් සැමදා රාත්‍රියේ පුරහඳ
පායා එම ස්ථානයේ සැමදා තිබිය හැක . කෙසේ වෙතත් මෙය කුමන රටකට ඉහලින් පිහිටනු
ඇත්දැයි තවම ගණනය කර නැත.
1919 මැයි 29 දා දකුණු
අප්‍රිකාවට පෙනුණු සූර්යය ග්‍රහණය ගවේෂණය කල එඩින්ටන් සාමිවරයා විද්‍යාත්මක වශයෙන්
ඉතාමත් වැදගත් වූ සන්සිදියක් ඔප්පු කළේය. 1905 දී අයින්ස්ටයින් විසින් සාපේක්ෂතා
වාදයත් සමග ඉදිරිපත් කල නියමයක් මෙහිදී ප්‍රායෝගිකව ඔප්පු විය. එනම් ඉතා බර
වස්තුන් අසලදී එහි ගුරුත්වාකර්ශන බලය නිසා ආලෝක කිරණ එම වස්තුව දෙසට නැමෙන බවයි ඔහු
පැවසු සයිද්දන්තික නියමය ප්‍රායෝගිකව සිදුවන බව පෙන්වා දුන්නේ 1919 මැයි 29 දා ඇතිවූ
සූර්යය ග්‍රහනයේදීය . එහිදී හිරු අසල තිබු තරුවක ආලෝකය පේන්නට පටන් ගත අතර එම තරුව
හා ඊට ඈතින් ඇති තවත් තරුවක් අතර දුර මැන ගන්නා ලදී . ඉන් මාස හයකට පසු හිරු එම
තරුව අසලින් බොහෝ ඈත ගිය විට නැවතත් පළමු තරු දෙක අතර දුර මැනීම මගින්
අයින්ස්ටයින්ගේ ප්‍රකාශය නිවැරදි බව පෙන්වා දෙන ලදී . එනම් හිරුගේ අදික
ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ අසලින් ආ තරුවේ ආලෝකය සරල රේඛිය මගකනොපැමිණ හිරු දෙසට නැමී
වක්‍රව ගමන් කර ඇති අන්දම පෘථිවියේ සිට ඔහු නිරීක්ෂණය කළේය.


Comments
Post a Comment