Skip to main content

හිරු මත ඇති මුලද්‍රව්‍ය

හිරුගේ ස්කන්ධයෙන් ¾ ක් ම සමන්විත වන්නේ හයිඩ්‍රජන් වලිනි . මිනිසා දැනට සොයා ගෙන ඇති සැහැල්ලුතම මුලද්‍රව්‍යය මෙය වේ .ඉතිරි හතරෙන් පංගුවම වාගේ සමන්විත වනනේ හීලියම් වලිනි.හීලියම් වායුව පොළවෙන් සොයා ගැනීමට පෙර තාරකා විද්‍යාන්‍යායින් හිරු මතින් එය සොයා ගත්හ . හීලියම් යනු ග්‍රීක භාෂාවෙන් හිරු යන අරුත ඇති පදයකි . හයිඩ්‍රජන් හා හීලියම් වලට අමතරව තවත් මුලද්‍රව්‍ය 70 ක් පමණ හිරුගෙන් මේ වන විට සොයා ගෙන තිබේ . කෙසේ වුවද මේ මුලද්‍රව්‍ය සියල්ල එකතු කලද එය මුළු සූර්යය ස්කන්දයෙන් 1% ක් හෝ 2% ක් තරම් සුළු කොටසකි . විද්‍යාන්‍යායින් හිරු මතට නොගොස් හිරු මත ඇති මුලද්‍රව්‍ය හඳුනාගන්නේ හිරුගෙන් නිකුත් වන ආලෝක වර්ණාවලිය හැදෑරීම මගිනි . ඕනෑම මුලද්‍රවයක් මගින් ඇතිකරන වර්ණාවලිය එයටම අවේනික වේ .හිරු එළියේ වර්ණාවලියේ අදාල මුලද්‍රව්‍යයට ගැලපෙන වර්ණාවලි රේඛා ඇත්දැයි සොයා බැලීමෙන් හිරු මත එම මුලද්‍රව්‍යය ඇතිදැයි සොයා ගත හැක .

සූර්යය සංයුතිය ගැන අද්‍යනය කර ඇති විද්‍යානයින් විසින් හිරු සතුව ඇති රසයාන මුලද්‍රව්‍යන් 67 ක් නාමාවලි ගත කොට ඇත. මීට අත්මතරව හිරු මතුපිට , උපකරණ වලට අනාවරණය කරගත නොහැකි තරමේ කුඩා ප්‍රමාන වලින් සමන්විත මුලද්‍රව්‍යද අඩංගු විය හැක.පහත වගුවේ දක්වා ඇත්තේ හිරු මතුපිට බොහෝ සුලබව ඇති මුලද්‍රව්‍යන් 10 කි.

මුලද්‍රව්‍යය
බහුලත්වය (පරමාණු එකතුවේ ප්‍රතිශතයක් ලෙස)
බහුලත්වය (ස්කන්දයන්ගේ එකතුවේ ප්‍රතිශතයක් ලෙස )
හය්ද්‍රජන්
91.2
71.0
හීලියම්
8.7
27.1
ඔක්සිජන්
0.078
0.97
කාර්බන්
0.043
0.4
නයිට්‍රජන්
0.0086
0.096
සිලිකන්
0.0045
0.099
මැග්නිසියම්
0.0038
0.076
නියෝන්
0.0035
0.056
අයන්
0.03
0.014
සල්ෆර්
0.015
0.040
 වගුව : සූර්යය සංයුතිය


සූර්යයා විශ්වයේ සිට පෙනෙන අයුරු

Comments

Popular posts from this blog

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....