අපගේ පරිවාර ග්‍රහයා රාත්‍රී අකාශයෙහි තරු පිරිවරකොට කිරිපාටින් බබලමින් සිටින මෙම අකාෂ වස්තුව අතදරුවකුගේ සිට මහා කලාකාරයකු ගේ සිත් සතන් ඇති කරවන ප්‍රමෝදය මෙතකැයි කිව නොහැක. දුටුවන් මනබදින මෙම අපුර්ව ග්‍රහ වස්තුවට අතීතයෙහි පටන් මිනිසා විසින් සුවිශේෂි ස්ථානයක් දී තිබේ .මේ නිසාම එහි උපත, හැඩරුව සහ එමගින් අපට සිදුවන බලපෑම් ගැන උනන්දුවන්නට මිනිසුන් පුරුදු වුහ. එහි එක් ප්‍රතිපලයක් වන්නේ මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ මතුපිට ගොඩබසීමයි. චන්ද්‍රයා යනු පෘතුවියෙහි පරිවාර ග්‍රහයාය. බොහෝ විට තාරකා විද්‍යාවේ දී චන්ද්‍රයකු හැඳින්වෙන්නේ ග්‍රහලෝකයක් වටා පරිබ්‍රමණය වන, ග්‍රහලෝකයක් හා සසදන විට ප්‍රමාණයෙන් කුඩා වූ ග්‍රහ වස්තුවක් ලෙසය. අපගේ පරිවාර ග්‍රහයාවූ චන්ද්‍රයා අධ්‍යනය තාරකා විද්‍යන්යින් වැදගත් කොට සලකන්නේ, පෘතුවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලයේ සම්බවය වටහා ගැනීම සඳහාත් , සඳ මතුපිට වාසස්ථාන තනා ගැනීම සඳහාත් මෙන්ම අන්තර් ග්‍රහලෝක ගමනාගමනයේදී නවාතැන් පොලක් ලෙස චන්ද්‍රයා යොදා ගතහැකි නිසාත්ය. තවද අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙහි අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව ඒවායෙහි චන්ද්රයන්ගේ විෂ්කම්බ්ය 1/10 ක් ප...
වසර බිලියන ගණනක් පුරා දිවෙන තරුවක ජිවිත කතාව උපතේ සිට විපත දක්වා දුටුවෙක් නැත . නමුත් අහසේ ඇති බිලියන සංඛ්‍යත තරු අතර තරුවක ජිවිත කාලයේ විවිද අවස්තාවන් ගත කරන තරු හඳුනා ගෙන ඇත . දුලි වලාවක උපත ලබා රතු දැවැන්තයන් , සුපර්නෝවා පිපුරුම් නියුට්‍රෝන තරු , කළු කුහර ආදී අවස්තාවන් ගත කොට අපගේ සූර්යයාත් යම් දිනක මිය යනු ඇත. පෘතුවිය මතින් ජීවිතය තුරන් වී යනු ඇත . විශ්වයේ තවත් කොතැනක හෝ ජිවය ආරම්භ වනු ඇත . එය කාලයා සතු කාර්යකි .