Skip to main content

චන්ද්‍රයා : අපගේ පරිවාර ග්‍රහයා


අපගේ පරිවාර ග්‍රහයා

රාත්‍රී අකාශයෙහි තරු පිරිවරකොට කිරිපාටින් බබලමින් සිටින මෙම අකාෂ වස්තුව අතදරුවකුගේ සිට මහා කලාකාරයකු ගේ සිත් සතන් ඇති කරවන ප්‍රමෝදය මෙතකැයි කිව නොහැක. දුටුවන් මනබදින මෙම අපුර්ව ග්‍රහ වස්තුවට අතීතයෙහි පටන් මිනිසා විසින් සුවිශේෂි ස්ථානයක් දී තිබේ .මේ නිසාම එහි උපත, හැඩරුව සහ එමගින් අපට සිදුවන බලපෑම් ගැන උනන්දුවන්නට මිනිසුන් පුරුදු වුහ. එහි එක් ප්‍රතිපලයක් වන්නේ මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ මතුපිට ගොඩබසීමයි.

චන්ද්‍රයා යනු පෘතුවියෙහි පරිවාර ග්‍රහයාය. බොහෝ විට තාරකා විද්‍යාවේ දී චන්ද්‍රයකු හැඳින්වෙන්නේ ග්‍රහලෝකයක් වටා පරිබ්‍රමණය වන, ග්‍රහලෝකයක් හා සසදන විට ප්‍රමාණයෙන් කුඩා වූ ග්‍රහ වස්තුවක් ලෙසය.
අපගේ පරිවාර ග්‍රහයාවූ චන්ද්‍රයා අධ්‍යනය තාරකා විද්‍යන්යින් වැදගත් කොට සලකන්නේ, පෘතුවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලයේ සම්බවය වටහා ගැනීම සඳහාත් , සඳ මතුපිට වාසස්ථාන තනා ගැනීම සඳහාත් මෙන්ම අන්තර් ග්‍රහලෝක ගමනාගමනයේදී නවාතැන් පොලක් ලෙස චන්ද්‍රයා යොදා ගතහැකි නිසාත්ය.

තවද අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙහි අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව ඒවායෙහි චන්ද්රයන්ගේ විෂ්කම්බ්ය 1/10 ක් පමණ වන නමුදු, පෘතුවියෙහි විෂ්කම්බය හා සංසන්දනය කරන විට චන්ද්‍රයාගේ විෂ්කම්බය ¼ ක් පමණ වේ. මෙමෙ අස්වාභාවික විශාලත්වය හේතු කොට ගෙන අපගේ චන්ද්‍රයා පෘතුවියට සාමාන්‍ය සඳක් මව් ග්‍රහයාට නොකරන අන්දමේ බලපෑමක් කරයි.

Comments

Popular posts from this blog

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යා පෘතුවිය ඇතුළුඅනෙක් ග්‍රහයන් හා උප ග්‍රහයන් අයත් පද්දතියි. මෙය ඉංග්‍රීසියෙන්  අප Solar System යනුවෙන් හඳුන්වමු.  සෞර ග්‍රහ මණ්ඩලය සතු ග්‍රහයින් ගණන 9 කි.  එනම් බුද, සිකුරු , පෘතුවිය , අගහරු , බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ. එය සතු උප ග්‍රහයින් ගණන 165 කි. තවද  වාමන ග්‍රහයින් දෙදෙනකු ( Ceres, Eris  ) සහ ඔවුන් සතු උපග්‍රහයින් 4 දෙනෙකුද,  කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් මෙම සෞර ග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞර ග්‍රහ මණ්ඩලය පිලිබඳ 20 වන සියවසේ විද්‍යනයන් මෙසේ අදහස් දක්වති :   නුතන තාරකා විද්‍යනයෝ සූර්ය ග්‍රහ මණ්ඩලය සැදී ඇත්තේ ග්‍රහයන් 8 දෙනෙකුගෙන් බව පවසති . එයට හේතුව ප්ලුටෝ ග්‍රහයකු නොවන බවට අදහසක් ඉදිරිපත් වී ඈති නිසයි . එහෙත් මෙහි සත්‍යය අසත්‍ය තාව තවම හරි හැටි ඔප්පු වී නැත   තවත් විද්‍යනයන් පිරිසක් පවසන පරිදි දහවැනි ග්‍රහයකු උපත ලබමින් සිටී . මීට වසර කීපයකට ප්‍රථම ආචාර්යය බර්ඩ්, හේලිගේ වල්ගා තරුවේ ගමන් ගැන අද්‍යනය කරමින් සිටියදී නෙ...

සූර්යයා

අපගේ නිර්මාණ කරුවා : මහා පොළොවේ වෙසෙන්නන්ට සූර්යයා තරම් වැදගත් අන් ආකාශ වස්තුවක් නොමැත. කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වයේ පටන් පොළොවේ අයිස් යුගය දක්වා පරාසයක වූ විවිද බලපෑම් සූර්යයා පදනම් කොට ගෙන තිබේ . විවිද ජන කොටස් වල ආරම්බය පිලිබඳ පැරණි කතන්දර වලටද සූර්යයා සම්බන්ද කෙරේ . සිංහලයින් හැඳින්වීමට යොදා ගැනෙන ‘හෙළ’ යන පදය සූර්යයා හැඳින්වීමට යොදා ගන්නකි .සූර්යයා පිලිබඳ තාරකා විද්‍යාත්මක ඇසකින් බැලීම ආරම්බ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් චීන ලේකන වලිනි .සූර්යය ග්‍රහණයක් පිළිබද කල්තබා අනාවැකි පලකිරීමට නොහැකි වූ සයි හා හෝ නම් තාරකා විද්‍යනයන් දෙදෙනකුගේ හිස ගසා දැමු බව මෙවන් එක් චීන ලේකනයක සඳහන්ය . මේ සූර්යය ග්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි .පූ 2137 ඔක්ටෝබරයේදීය . හිරු ලප පිලිබඳ යයි සැලකිය හැකි පළමු සටහන තබා ඇත්තේ ක්‍රි . පූ  800 චීන ජාතික විද්‍යනයෙක් විසිනි . ඔහු දීප්තිමත් ‘ හිරු මත වූ අඳුරු පෙදෙස් ‘ වර්ගයක් පිලිබඳ සටහනක් තබා ඇත . ක්‍රි .පූ 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිටී දාර්ශනිකයකු වූ ඇනක්සගොරස් සූර්යයා ගිනියම් වූ ගිනියම් වූ යෝධ යකඩ ස්කන්දයක් යයි කීවේය . ඊගස්පොටාම් නම් ...

හිරු ලප

සුර්යය උදාව විශ්වයේ සිට  දෙවන ලෝක යුද්ධය පවතී කාලයේදී රේඩාර් තරංග අවහිර කිරීමට සතුරන් උපයෝගී කරගන්නා උපක්‍රම සොයා බැලු බ්‍රිතාන්‍යය ඉංජිනේරුවරයකු වූ ජේම්ස් ස්ටැන්ලි බොහෝ අවස්තාවලදී ඊට වගකිව යුත්තේ සූර්යයා බව සොයා ගත්තේය . ඇතැම් වකවානු වලදී පෘතුවියේ පණිවුඩ හුවමාරු කටයුතු වලට හිරුගේ ක්‍රියාකාරිත්වයයන් බරපතල බාධා ඇතිකරයි . සූර්යයා වරින් වර පෙන්නුම් කරන මේ ප්‍රචණ්ඩ වකවානුව ‘සූර්යය ක්‍රියාකාරී වකවානුව ’ ලෙස හෝ ‘හිරුගේ සුළි සුළං’ අවධි ලෙස තාරකා විද්යන්යයෝ හදුන්වති . ‘හිරු ලප’, ‘ගිනි දැල් (flares )’ හා ‘ගිනි ආරුක්කු (prominences )’ මේ කාලයේ පසුවන හිරු වෙතින් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්ය . දැවැන්ත රේඩියෝ , පාරජම්බුල හා එක්ස් කිරණ ප්‍රවාහයන්ද කලබුන හිරුගෙන් පිටවනු පොලවේ පිහිටි රේඩියෝ දුරේක්ෂ මගින් හඳුනා ගෙන තිබේ . නමුත් සූර්යයාගේ මේ කැළබිල්ල පවතින්නේ කිසියම් කාල සීමාවක් තුල පමණි. ඉන්පසු මෙවන් අවධි 2 ක් අතර කාල පරිච්චේධය ගෙවී යන්නේ බොහෝ විට වැඩි කලබලයකින් තොරවය. හිරුගේ කැළබිලි සමග හිරු ලප ක්‍රියාකාරිත්වයේ වැඩිවීමක් සිදුවනු දැකිය හැක . බොහෝ අවස්ථාවල මේ සිද්දීන් දෙක එකට සමපාත වේ....