Skip to main content

Posts

Showing posts from December, 2017

සූර්යය ආකර්ෂණ ශක්තිය

සෞර ග්‍රහ මණ්ඩලයේ අඩංගු මුලද්‍රව්‍ය ප්‍රමාණයෙන් 99.8% ක් ම ඇත්තේ සූර්යයාඅ සතුවය. එහි ස්කන්දය පෘතුවියේ ස්කන්දය මෙන් 333000 වාරයක් යැයි  ගණන් බලා තිබේ. මේ ප්‍රමාණය සෞර ග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයා ලෙස සැලකෙන බ්‍රහස්පති ගේ ස්කන්දය මෙන් 1047 ගුණයකි . හිරුගේ ස්කන්දය මෙතරම් අති විශාල අගයක් ගැනීම නිසා එහි මතුපිට බලපවත්නා ගුරුත්වාකර්ෂණ බලපෑම ද අති විශාලය . සූර්යයා මත බලපවත්වන ගුරුත්වාකර්ෂණ බලය පොලව මතුපිට ගුරුත්වාකර්ෂණ බලය මෙන් 28 ගුණයකි . එම නිසා පොලාවේදී Kg 45 ක් බර මිනිසෙකු හිරු මතුපිටදී Kg 1270 ක් බර වනු  ඇත්තේය. සූර්යයා තමා වටා ගමන් කරන ග්‍රහලෝක , ග්‍රාහක ,දුමකේතු ආදී වස්තුන් අල්ලා බැඳ තබාගෙන ඇත්තේ මෙම දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයේ උපකාරයෙනි . සූර්යය ගුරුත්ව බලය කෙතරම් විශාලද යත් එමගින් සූර්යයා තැනී ඇති වායුන්ද එහි මද්‍යය දෙසට ඇද ගනී . මෙම වායුන් අදික උණුසුමින් සහ පිඩනයකින් යුතුව දිගටම ප්‍රසාරණය වන්නට උත්සාහ නොකරන්නට සූර්යයාගේ හැඩය එහි ගුරුත්වය විසින්ම බිඳ දමනු නිසැකය . ඇත්ත වශයෙන්ම සූර්යයාගේ හැඩය සහ ප්‍රමාණය තිබෙන තත්වයේම රැඳී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යය කේන්ද්‍රයේ එල්ලයේ ඇත...

ශක්තියේ උල්පත

අදින් වසර  සියයකට පමණ එපිටදී හිරුගෙන් තාපය පිටවන්නේ කෙසේදැයි කිසුවෙකු දැන සිටියේ නැත .නමුත් පරිණාම වාදයේ සහ භුගර්බ විද්‍යාවේ ඒ වන විට සිදුව තිබු නැගීම හිරු කිරණ සඳහා ඉතා දිගු ඉතිහාසයක් ඉල්ලා සිටියේය . 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කල විශේෂ සාපේක්ෂතා වාදය මගින් ස්කන්දයත් ශක්තියත් යනු එකම කාසියේ දෙපැත්ත බව පෙන්වා දීමත් , 1920 දී බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යයයකු වූ ආතර් එධන්ට්  න්‍යයෂ්ටික ප්‍රතික්‍රියා මගින් හිරු තුල ශක්තිය උපදවන බවට අදහසක් ඉදිරිපත් කිරීමත් සූර්යයා තුල ශක්තිය උත්පාදන ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමේ කතාන්දරයේ මග සලකුණු ලෙස සැලකිය හැක  . නමුත් 1930 ගණන් වන තුරුම හිරු තුල සිදුවන සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කවරෙක්දැයි යන්තමින් වත් අවබෝධ කර ගත නොහැකි විය . හිරු තැනී ඇත්තේ කවර ද්‍රව්‍යයන්ගෙන්ද යන්න පිලිබඳ තාරකා විද්‍යන්යින් අතර තිබු අත්භූත අදහස් මෙයට කෙලින්ම බලපෑවේය .හිරු යනු යෝධ ගිනිගෙන දැවෙන යකඩ ගොලයකයි ඔවුහු සිතා සිටියහ . සූර්යයා තුල සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හඳුනා ගැනුනේ 1938 දිය . එහි ගව්රවය හිමිවන්නේ ජර්මන් ජාතික කාල් ෆෝන...

හිරුගේ රහස් රැගෙන මෙහි එන අංශුව

මෑතක් වන තුරුම හිරුහේ අභ්‍යන්තරය පිළිබඳව අප දන්නා සියල්ලම දැන ගත්තේ එහි මතුපිට ප්‍රභා ගෝලය හැදෑරීමෙනි . නමුත් ඉන් අපට දැන ගත හැක්කේ සූර්යය හරය අදින් වසර මිලියන 10 කට එපිට කරන්නට ඇත්තේ කුමක්ද යන්න පමණි . හිරු අභ්‍යන්තරය ට එබී බැලීමේ නව උපක්‍රම වල අවශ්‍යතාව මෙනිසා කලක සිටම දැනී තිබුණි. 70 සහ 80 දශක වලදී දියුණු කල උපක්‍රම දෙකක් තාරකා විද්‍යානයින්ගේ පිහිටට පැමිණ තිබේ. ඉන් පළමුවැන්න මගින් හිරුගේ හරය තුල මේ මොන්හොතේ වන්නේ කුමක්දැයි දැන ගැනීමට උදව්වුවේ . එය පදනම් වී ඇත්තේ සූර්යයාගෙන් නික්මෙන නියුට්‍රිනෝව අංශු හඳුනා ගැනීම උඩය . ප්‍රෝටෝන මෙන් නොව අවට ඇති ආරෝපිත අංශු සමග කිසිදු ගනුදෙනුවකින් තොරව හිරු මතුපිටින් නික්ම යාමට නියුට්‍රිනෝව සමත්ය . නියුට්‍රිනෝව ක ස්කන්ද්යක් මෙන්ම ආරෝපනයක් නැතැයි විශ්වාස කරන අතර ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරතයි සැලකේ . හිරුගෙන් නික්මෙන නියුට්‍රිනෝවක් අල්ලා ගැනීම ඉතා අපහසු කාර්යයකි . ඒ සඳහා ප්ර්ක්ලොරෝ එතිලින් නම් ද්‍රව්‍ය පිරවූ යෝධ පිහිනුම් තටාකයක් තරම් වූ ටැංකියක් යොදා ගැනේ . මේ ආකාරයෙන් අල්ලා ගන්නා නියුට්‍රිනෝව සංඛ්‍යාව කාලයත් සමග ඒකාකාරව පැවතියද පුදුමයකට ම...

සූර්යය ගිනි ආරුක්කු (solar prominences )

සූර්යය ගිනි ආරුක්කු යනු සූර්යය මතුපිට සිට තොණ්ඩු වක ආකාරයෙන් පිටතට විහිදෙන විශාල දීප්තිමත් වායුමය අකාරයකි . මේවා සූර්යය ප්‍රබා ගෝලය තුල සූර්යයාට ඈඳු ඇති අතර සූර්යය කිරීටය දෙසට දිගුවී පවතී. සූර්ය කිරීටය සමන්විත වන්නේ ප්ලාස්මා නමින් හැදින්වෙන ඉතා අදික උෂ්නත්වයෙන් යුතු අයනිකෘත වායුන් ගෙන් වන අතර සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ සූර්යය වර්ණ ගෝලය හා සමාන සංයුතියකින් යුතු වඩාත් උෂ්ණත්වයෙන් අඩු ප්ලාස්මා වකිනි .මේවා ඇතිවීමට ගතවන කාල පරාසය දිනයක් පමණ වන අතර ස්ථායි සූර්යය ගිනි අරුක්කුවක් මාස කිහිපයක් පවා සූර්ය කිරීටය තුල පවතී .සූර්යය ගිනි ආරුක්කු සමන්විත වන්නේ ප්ලාස්මා නමින් හැදින්වෙන අයනිකෘත හයිඩ්‍රජන් සහ හීලියම් වායුන්ගෙනි . දැනට වාර්තා වන විශාලම සූර්යය ගිනි ආරුක්කුවේ දිග කිලෝමීටර 800 000 වන අතර එය සූර්යයාගේ අරයට සමාන වේ . ඇතැම් ගිනි ආරුක්කු ඉතා ජවසම්පන්න වන අතර මේවා මගින් සූර්යය පදාර්ථයන් තත්පරයට කිලෝමීටර 600- 1000 වේගයකින් අජටකාශයට මුදා හැරේ . රුපය 1 : අදික පාරජම්බුල විකිරණ තත්වයන් යටතේ 2010 මාර්තු 30 වන දින නසා ආයතනය මගින් අසු කරගත් සූර්යය ගිනි ආරුක්කු වල ජයාරුපයකි