Skip to main content

Posts

Showing posts from January, 2018

සූර්යය ග්‍රහණය, අමාවක රාත්‍රියකින් බිඳක්

පූර්ණ සූර්යය ග්‍රහණයක් කැමරා ඇසින්  දහවල එකවරම අඳුරු විය යන එන මං සොයා ගත නොහැකිව කුරුල්ලෝ වල්මත් වුහ. ලෝකය ආලෝකවත් කරන හිරු දෙවියන් විශාල මකරකු විසින් ගිලගෙන ඇත. ඒ පැරැන්නන් සූර්යය ග්‍රහණය ගැන සිතු ආකාරයයි. ඉතිහාසයේ සූර්යය ග්‍රහණය ගැන මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. එහි කියවෙන පරිදි ක්‍රි .ප 2137 ඔක්තෝම්බර් මස 22 වැනිදා චීනයේ සූර්යය ග්‍රහණයක් සිදු වී ඇත. ශ්‍රීලංකා වාසීන්ට අමතක නොවන සූර්යය ග්‍රහනයක අත්දැකීම් ලැබුවේ 1955 ජුනි 20 දාය . එදා බොහෝ දෙනෙක් වද කහ දියරය පානය කළහ. සුන්දරත්වය ලඟා කර ගැන්ම කෙසේ වෙතත් එවන් පුද්ගලයන්ගෙන් එදා රෝහල් වාට්ටු පිරී ගිය අයුරු සමහරු අදත් සිහිපත් කරන්නේ උපහාසයෙන් යුතුවය. හිරු ගිල ගන්නට මකරුන් නැති බව අද අපි දනිමු. එසේ නම් සූර්යය ග්‍රහනයකදී සිදු වන්නේ කුමක්ද? අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අදිපති හිරු කේන්ද්‍ර කොට ගත් මගක පෘතුවිය ගමන් ගනී. පෘතුවිය වටා වූ ගමන් මගක් ඔස්සේ චන්ද්‍රයාද ගමන් ගනී .සිය ගමන් මගේදී මෙම ආකාශ වස්තුන් තුන එකම සරල රේඛාවකට පැමිණිය හැක. එවන් අවස්ථාවක මෙම වස්තුන් පිහිටා ඇති තැන අනුව ග්‍රහණයක් ඇතිවිය හැක. ග්‍රහණ ප්‍රධාන වශයෙන්...

හිරු මත ඇති මුලද්‍රව්‍ය

හිරුගේ ස්කන්ධයෙන් ¾ ක් ම සමන්විත වන්නේ හයිඩ්‍රජන් වලිනි . මිනිසා දැනට සොයා ගෙන ඇති සැහැල්ලුතම මුලද්‍රව්‍යය මෙය වේ .ඉතිරි හතරෙන් පංගුවම වාගේ සමන්විත වනනේ හීලියම් වලිනි.හීලියම් වායුව පොළවෙන් සොයා ගැනීමට පෙර තාරකා විද්‍යාන්‍යායින් හිරු මතින් එය සොයා ගත්හ . හීලියම් යනු ග්‍රීක භාෂාවෙන් හිරු යන අරුත ඇති පදයකි . හයිඩ්‍රජන් හා හීලියම් වලට අමතරව තවත් මුලද්‍රව්‍ය 70 ක් පමණ හිරුගෙන් මේ වන විට සොයා ගෙන තිබේ . කෙසේ වුවද මේ මුලද්‍රව්‍ය සියල්ල එකතු කලද එය මුළු සූර්යය ස්කන්දයෙන් 1% ක් හෝ 2% ක් තරම් සුළු කොටසකි . විද්‍යාන්‍යායින් හිරු මතට නොගොස් හිරු මත ඇති මුලද්‍රව්‍ය හඳුනාගන්නේ හිරුගෙන් නිකුත් වන ආලෝක වර්ණාවලිය හැදෑරීම මගිනි . ඕනෑම මුලද්‍රවයක් මගින් ඇතිකරන වර්ණාවලිය එයටම අවේනික වේ .හිරු එළියේ වර්ණාවලියේ අදාල මුලද්‍රව්‍යයට ගැලපෙන වර්ණාවලි රේඛා ඇත්දැයි සොයා බැලීමෙන් හිරු මත එම මුලද්‍රව්‍යය ඇතිදැයි සොයා ගත හැක . සූර්යය සංයුතිය ගැන අද්‍යනය කර ඇති විද්‍යානයින් විසින් හිරු සතුව ඇති රසයාන මුලද්‍රව්‍යන් 67 ක් නාමාවලි ගත කොට ඇත. මීට අත්මතරව හිරු මතුපිට , උපකරණ වලට අනාවරණය කරගත නොහැකි තරමේ කුඩා ප්‍රමා...